Judo

ජූඩො

ජපන් සටන් කලා විශාරදයෙකු වුන ජිගාරො කානො ගුරුතුමා කලක සිටම නව ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් නිර්මාණය කිරීමට වෙහෙස දැරීය. ජියු ජිට්සු සටන් ක්‍රමයේ සටන් ක්‍රම තව දුරටත් අලුත් සහ වැඩි දියුනු කරමින් ජූඩො නිර්මාණය කරන ලදි.ඔහුගේ උත්සහය සාර්තක වීම කෙසේද යත් ඔහුගේ ජීවිත කලයේම ජපානයෙ සියලුම ජියු ජිට්සු සටන් ශිල්පින් ජුඩො හැදෑරීමට පටන් ගත්තේය

01 - පහර වැලක්වීම
02 - ප්‍රතිවාදියා බිම හෙලීම හෝ විසි කිරීම
03 - ප්‍රතිවාදියා නොසෙල්වෙන සේ හිර කිරීම

යන ප්‍රධන ක්‍රමයන් ජූඩො හි උගන්වනු ලැබේ.ජුඩො වලදි පහරදීම සිදු කරන්නෙ ප්‍රතිවාදියාගෙ පාදවල සමබරතාවය බිද හෙලීම සදහා පමණි.
   ජූඩො යන්නෙහි අර්තය සුමට වූ ක්‍රමය යන්නයි.ජියුජිට්සු යන්නෙහි අර්තයද ඊට තරමක් සමාන වෙයි.දෙකෙහිම අරමුන රලු නොවූ තාක්ෂණික ක්‍රම වලින් ප්‍රතිවාදියා අඩපණ කිරීමයි.ඒ සදහා මූලික ක්‍රම 40ක් ජූඩො වලදී උගන්වනු ලබයි.මෙහිදි ප්‍රතිවාදියා යොදන බලයට අමතර බලයක් එක් කොට ඔහුව අඩපණ කිරීම සිදු කරයි.
  ප්‍රතිවාදියා මෙල්ල කිරීම සදහා ක්‍රම 99ක් පමණ මෙහිදී භාවිතා කරයි.පාදයේ දුර්වල ස්තාන වලට පහරදී ඔහුගේ සමබරතාවය බිද හෙලීම සාමාන්‍ය කරුණකි.

ජූඩො ශිල්පයේදි ප්‍රතිවාදියා ජය ගැනීමට මෙසේ උගන්වනු ලබයි ...⬇️

01 - ඔබේ ප්‍රතිවාදියා ඔබට එරෙහිව බලය යොදන තුරු ඉවසා සිටින්න..
02 - සුලු බලයක් යොදා සමබරතාවය බිදින්න
03 - මෙවිට ඔහුගේ බලයම ඔහුට විරුද්ධ වෙයි.
04 - දැන් කල යුත්තේ ඔබේ ශක්තියෙන් සුලු ප්‍රමාණයක් භාවිතා කොට ඔහු යෙදවූ බලය මාර්ගය වෙනස් කොට ඔහු බිම දැමීම හෝ විසි කිරීමයි..

ජූඩො අධ්‍යනයෙහි අති විශිෂ්ට ලක්ෂණයක් වනුයේ ක්‍රමවත් පරික්ෂන කින් සිසුන් ශේණිගත කිරීමයි.මූලික මට්ටමේදි වර්ණවත් පටි ලබාදීම සිදු කරයි..ඉන් පසු කලු පටි ලබා දීම සිදු කරයි... ජිගරෝ කානො ගුරුතුමා විසින් නිර්මාණය කල මෙම වර්ණ පටි ශ්‍රේණිගත කිරීම පසු කලෙක කරාතෙ ටයි ක්වොන්ඩො වැනි ක්‍රම වලටද යොදා ගනු ලැබිනි....

Comments

Popular posts from this blog

සෙන් කතා