සෙන් කතා

එක් සැන්දෑවක shiury kojun භික්ෂුව සුත්‍ර දේශණයක යෙදි සිටින විට තියුණු කඩුවක් රැගත් සොරෙකු මුදල් හෝ ජීවිතය ගැන තර්ජනය කරමින් ඇතුල් උනා.
එවිට භික්ෂුව
"මට කරදර කරන්න එපා අන්න ලාච්චුවේ සල්ලි තියෙනවා ගන්න"ය්යි කීවා

එවිට සොරා තිබුනු සියලු මුදල් ගත්තා.
භික්ෂුව 
" ඔක්කොම සල්ලි ගන්න එපා.බදු ගෙවන්නත් ටිකක් ඉතිරි කරන්න" 
එහෙත් සොරා නෑසුනාක් මෙන් යන්න පිටත් උනා.
යලිත් භික්ෂුව
" තෑග්ගක් ලැබුනාම දුන්න කෙනාට ස්තුති කරපන් "
එවිට සොරා ස්තූති කොට පිටත් වුනා.
දින කිහිපයක් ගිය පසුව සොරා අල්ලාගෙන හිරේ දැම්මා.සාක්ෂි ලෙස භික්ෂුව කැදෙව්වා.
" මට හිතෙන හැටියට මෙයා සොරෙක් නොවෙයි.මම සල්ලි දුන්නා.මෙයා ස්තූති කරලා අරන් ගියා "කීය
කෙසේ නමුත් සොරා ටික කාලයකට බන්ධනාගාර ගත වුනා..
නිදහස් වුන පසු ඔහු කෙලින්ම ගියේ භික්ෂුව සොයාගෙන..ඔහු භික්ෂුවගේ ඉතාමත් කීකරු අනුගාමිකයෙකු වුනා..

- ජීවිතය -
හැම ප්‍රශ්නයක්ම එකම ආකරයට විසදීම මෝඩකමකි..ඒ ඒ තැනට උචිත අයුරෙන්..ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අයුරුන්..හිංසාවක් තමන්ට හො අනුන්ට නොමැතිව.. ප්‍රශ්න විසදිය හැක.

Comments

Popular posts from this blog