සීගිරිය
ආන්දෝලනාත්මක අභිරහස් ගණනාවක් තවමත් හංගගෙණ එන ප්රෝව්ඩ ඉතිහාසයකට නෑ කම් කියන අපූරු සීගිරිය
සුද්ධා හොරකම් කරපු 😡😡
කලු සුද්ධො හංගණ අපේ ඉතිහාසය
පුලුවන් නම් වෙලාවක් වෙන් කරගෙණ කියවන්න👇👇
මේ කතාව සූරිය ගුණසේකර මහත්මයා සම්බන්ද කතාවක්....එතුමා සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්...ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා
ඒ මහත්මයල තරුණ කාලේ....ඒ කියන්නෙ එක්දාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ල තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට....එහිදී එයාල දවල්ට කන්න ගිහිල්ල තියෙනවා සිගිරිය පේන මානෙ තියෙන පුංචි මැටි ගෙදරකට...ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීය කෙනෙක්.කෑම කාල කට්ටිය එලියට ආපු වෙලේ මෙයාල ඔය සීය එක්ක කතාවට වැටිලා...එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ල තියෙන්නෙ සිගිරිය ගැන හොයන්න කියල...ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නෙ...
'මහත්තයල දන්නවද ....මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ....මට මෙහෙම උනේ මට මහ විසාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා කියලයි මට හිතෙන්නෙ" ...
මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන් උණාලු....
"මොකද්ද සීයේ උනේ....?"මහත්තයලට කියන්න....මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්...ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු....(h.c.p. Bell කියන්නෙ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා...ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්...ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා..)ඉතින් ඒ කතාවටම අදාළ කතාවක් සීයා එකපාරටම කිව්වලු...අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා....ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා.....එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්....මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්....ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ....පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා ...ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා....
බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාව....පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාල සම්පුර්ණයෙන් වහන්න කියල.....අපිට පුදුම හිතුන....ඒත් අපි කිව් විදියට කරා....එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ.....සමහරු ලෙඩ උනා... සමහරක් දෙණා අකාලයේ මැරුණා....ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිටින කොට ඇස් දෙකම රතුම රතු පාටයි. බොහොම වෙදනාවක් දැනුනේ. දවස් කිහිපයක් වෙදකම් කරා ඒත් හරිගියෙ නැ. අන්තිමේදී දවසක් මගෙ ඇස් දෙක එකපාරටම නොපෙනි ගියා....
මෙහෙම කියපු ඒ සීයට ඇඩෙන්න ගත්තා....
මේ තමයි සුද්ධා උස්සන් ගියපු, උන්ම වහළා දාපු අපේ ඉතිහාසය
මේ කතාවේ ඇත්ත නැත්ත ඉතින් ඔයාලම තීරණය කරන්න.🤔🤔
තවත් ඔබ පොඩ්ඩක් හිතන්න
සිගිරියේ ඉහලට රජ කෙනෙකු අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ නේද ...රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ ...ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියල....මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියල....මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා....සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා. සීගිරි යන ඕනෑම කෙනෙකුට එය දැකගන්න පුළුවන්....මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ ඇති දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි ගොඩාක් අය සදහන් කරන්නෙ....
ඉතින් බලන්න ඒක අපූරු නිර්මාණයක් නේද
ඒවගෙම ඔබ පොඩ්ඩක් හොදට අද්‍යනය කරන්න,
සීගිරියෙ පිහිටි ජළ උද්‍යාන දිහා, ඒවා එකකට එකක් හදලා තියෙන්නෙ එක පාරටම මෙයට ඇතුළ්වෙන පිරිසව මං මුලාවට පත්වෙන විදිහට. ඔබ හොදින් නීරික්ශණය කරොත් පේනවා, ප්‍රදාන දොරටුවෙන් ඇතුළ් වෙලා යනකොට එක හරියකදි එකපාරටම සීගිරියෙ ගල නොපෙනි යනවා. ඒ විදිහටයි එම ගමන් මාර්ගය ඔවුන්,
විශේෂයෙන් සතුරු ආක්‍රමණ වලදි සතුරාව මං මුලාවට පත් වෙන විදිහට හදලා තියෙන්නෙ.
මේ කිව්වෙ සිගිරියේ සැගවුණු අබිරහස් කිහිපයක් පමණයි. ඔබට ගිහින් ගවේශණය කරන්න පුලුවන් නම්, අපේ හෙළ ඉතිහාසයේ තිබ්බ ප්රොව්ඩ තාක්ෂණික කදන්දර බොහොමයක් සීගිරි ගල් පර්වථය මස්ථකයෙන් කියවගන්න පුලුවන්.
තව සීගිරිය, පිදුරංගල ගල් වර්වථ සෙවණෙ හැදුනු ගල් ලෙන්වල යටද උඩ වගේම අපූරු කතන්දර බොහොමයක් ගල් කූරූ වලින් කොටලා තියෙනවා. නමුත් ඒවා ගවෙශනය කරන්න තිබෙන ලොකුම බාදාව බඹරු ආක්‍රමණය. නමුත් ඒවගෙ කියවපු කත්න්දරත් ගොඩාක් තියෙනවා
අනික තමයි ඔය අපි අද සිංහ පාදය ලෙස අර්ථකථනය දෙන පාද යුගලය. ඔබ හොදට බලන්න ඒ තියෙන්නෙ සිංහ පාදද කියලා.
මට අනුව නම් නැහැ.
මොකද සිංහයාට තියෙන්නෙ ඇගිලි පහයි.
නමුත් ඔය පාද යුගලයෙ පිහිටන්නෙ ඇගිලි තුනයි. එහෙනම් ඒ සිංහයගෙ නොවන බවට තවත් කතන්දර අවශ්‍ය නැතැයි කියා සිතමි.
එහෙනම් මේ ගුරුලෑවගෙ පාද වෙන්න බැරිද ඒක හින්දා කියන්නෙ ඔබම සිගීරියට යන්න.
ගිහින් හොද ගවේශනයක් කරන්න.
ඔබටම තෙරේවි අපේ සංහළේ ඉතිහාසයේ සැගවුණු තාක්ශණික කතන්දර ගහන සීගිරියෙ ප්‍රව්ඩ ඉතිහාසය
එහෙයින් සීගිරිය කියන්නෙ මතක තියාගන්න ලාංකික ඉතිහාසය වගේම ලෝක ඉතිහාසයෙත් වැදගත් මර්මස්ථානයක්.සීගිරියෙ දැනට ප්‍රකාශිත ඉතිහාසය අවුරුදු 7000 කට එහා දිව යනවා.සීගිරිය පළමුව නිර්මාණය කරන්නෙ රාවණා සොහොයුරු කුවේර යන්.මේ පිළිබඳ විස්තර පාලි මහාවංශයේ සඳහන් වෙනවා.පාලි මහාවංශයේ 40 පරිච්ඡේදයේ ඇති එම කොටස සිංහල මහාවංශය විසින් ඉවත් කොට තිබෙනවා.
සීගිරියේ දැනට හමුවී ඇති හෙළ අසුර අක්ෂර වලින් ලියන ලද ලිපි වලින් මේවා සනාථ කරල තියෙනවා.
"විසව පුත කුවේරහ ලෙන" යනුවෙන් එක් ලිපියක් දැනට හමුවී තිබෙනවා.අනෙක් ලිපි කාශ්‍යප රජු නැවත සීගිරිය නිර්මාණය කිරීමේදී හා ඉංශ්‍රීසි පුරාවිද්‍යාඥයන් විසින් වසා දමා තිබෙනවා.දැනට උපකල්පනය කරන්නේ සීගීරි චිත්‍ර වලට යටින් මෙම හෙළ අසුර අක්ෂර හමුවූ බවයි.
ඉතින් කියවන්න මේ අපේ ඉතිහාසය
සුද්ධා හොරාකාපු කළු සුද්ධො හංගපු ශේෂ්ඨ ඉතිහාසය 👆👆👆👆👆
ඔබෙන් ඉල්ලන්නෙ තව තවත් මෙවා හංගන්න දායක වෙන්න එපා. අපි මේවා හොයමු. මොකද අපිට තිබුනෙ එක එකාට කත් ඇදපු ඉතිහාසයක් නෙමෙයි..
අපේම කියලා ශේෂ්ඨ ඉතිහාසයක්.
කියවපු ඔබට ස්තූතියි 🙏
Comments
Post a Comment