ආත්මාරක්ෂක සටන් ක්‍රම සහ සටන් ක්‍රිඩා 

බොහො දෙනෙක් ( විශේෂයෙන් ලංකාවෙ වගේ රටවල ) සිතන් ඉන්නෙ සටන් කලාව කීවම හැම එකක්ම ආත්මාරක්ෂක සටන් ක්‍රම ඒවලින් සටන් ක්‍රිඩා ( රින්ග් ෆයිට් ) කිරීමට හැකිය.සටන් ක්‍රීඩාවලින් සත්‍ය සටන් එසේ නොමැතිනම් ආත්මාරක්ෂක සටන් කල හැකි බව මතකයකි.අපි බලමු මේක ඇත්තක්ද කියලා .

ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් යනු සත්‍ය සටනකින් ඔබව ආරක්ෂා කර ගැනීම සහ සටන් කිරීමයි.මේකේදි හිස් අතේ සිට අවි ආයුධ දක්වා සටන් ක්‍රම පුහුනු විය යුතුය.සත්‍ය සටන් වල පොයින්ට් වල හෝ විනිසුරුවරුන් ඉදිරියේ කරනු ලබන සටනක් නොව.ගල් පොලු ගඩොල් කඩු පිහි ඇතුලු සියලුම ආයුධ අදාල වෙන සටනකි.මෙ ආත්මාරක්ෂක සටන් ක්‍රම දවසින් දෙකෙන් මාස කිහිපයකින් ප්‍රගුන කල නොහැක
උදාහරණ ලෙස modify wing chun , Jkd , krav maga වැනි ක්‍රම යන් ආත්මාරක්ෂක සටන් ක්‍රම ගනයට වැටෙ.හේතුව සත්‍ය සටනකට අඩංගු දෑ මෙහි ඇතුලත් වීමයි..සිරුර ශක්තිමත් කිරීම.වේගවත් කිරීම,පා තැබීම,ආයුධ වගේ දේවල් ඇතුලත් වෙයි.ආත්මාරක්ෂක ක්‍රමයන් වලදි හැම විටම සත්‍ය සටනකට අඩංගු දේවල් ඇතුලත් වෙයි.මෙය ඉතාම දුෂ්කර පුහුනුවක් වෙයි.සත්‍යම කතාවනම් ගුටි කෑමෙන් ඉගෙන ගන්න පහරදීම නිර්වචනය කල හැකිය 
ශරීරයෙ ශක්තිය, වේගය,උපක්‍රම,පොර බැදීමෙ ක්‍රම ( brasilian jiu jitus,judo,japan jiu jitsu ) පුහුනු වීම කරනු ලබයි..මෙය ජීවිතයෙ එක් අංගයකි.එය අපේ ආහර ගැනීම වගේ දෛනික කාර්‍යක් කර ගත යුතුය.සත්‍ය සටන් වලට මුහුණ දී තමන්ට වැරදුන තැන් මතක් කර ඒවා හරිගස්සගනිමින්.ඉගෙන ගත යුතු සටන් ක්‍රමයන්‍ය..මෙයින් බිහි වන්නෙ රලු සහ මෘදු එකට සංකලනය කර ගත් සත්‍ය සටන් ශිල්පියෙකි.
සටන් ක්‍රීඩා මෙයට හාත්පසින්ම වෙනස් වෙයි.රින්ග් එක තුලා එක් වටයකට කාල සීමවක් ඇත.ප්‍රධාන වශයෙන්ම වෙහෙස නොවී එම කාලය රැදි සිටිම පුහුනු කරනු ලබයි..එක් එක් තරගවල එකිනෙකට වෙනස් නීති ඇත.ලකුණු හම්බෙන පොයින්ට් ඇත.ලකුනු ගැනීමෙන් ප්‍රතිවාදියා පරාදය කිරීම මෙහි එක් අරමුණකි.සම්පූර්ණ හිස් අත් ක්‍රමයක් මෙහිදි භාවිත කෙරෙයි..වේගවත් අත් පහර සහ පා පහර පුහුනුව සමගින් පොර බැදීමේ උපක්‍රම මෙහිදි පුහුනු වීම් කරනු ලබයි.නොසැලී සිටීමට අවශ්‍ය ශක්තියක් අති ශරීරයක් නිර්මානය කල යුතුය.අද වන විට boxing ,wu su ,muay thai ,karate වගේ තරගාවලි ලොකය පුරා ඇත
අද වෙනකොට මේ සියලු තරග පරදා MMA නැත්තම් mixed martial art ලොව පුරා ප්‍රචලිත වෙමින් ඇත.ලකුනු ගැනීමෙන් හෝ නොකවුට් කිරීමෙන් තරග ජයග්‍රහනය කරයි.වැඩි පුරම නොකවුට් කිරීම ඉක්මන් සහ පහසුම මග වෙයි.මෙහිදි boxing අත් පහරත් muay thai,taekwondo වැනි ක්‍රම වල පා පහරත්,Jujitsu වල පොර බැදීමත් උගන්වයි.ශරීරය නිසි ලෙස පවත්වාගැනීම.මුහුන බෙල්ල නොසැලෙන සේ ශක්තිමත් කර ගැනීමත්..අත් පා පපුව,බඩ වැනි ප්‍රදේශ ශක්ට්ජිමත් කිරීමත්,පහර වේගවත් කිරීම,පා පියවර ගැන වැඩි සැලකිල්ලක් කරනු ලබයි..පහර කාගෙන ඉදිරියට ගොස් ප්‍රතිවාදියා පරජය කිරීමද එක් අංගයකි
මෙහිදි යම් කාල සීමාවක් එක් වටයකට ඇත.එයට මහන්සි නොවී පලමු පහර මෙන්ම අන්තිම පහරත් කිරීම උගන්වයි.දිවීම.ස්කිපින් ඩම්බෙල් ව්‍යයාම මෙහිදි කැපි පෙනන ව්‍යයාම වෙයි.මෙම සටන් තරග සම්පූර්ණ යෙන්ම හිස් අත් සටන් ක්‍රම වෙයි.සමහර සටන් වලට මුහුනු,ශරීර ආවරණ යොදාගනි.MMA තුලදි ගොරින් ගාඩ් එක මවුත් ගාඩ් එක සහ ග්ලවුස් පමනක් යොදා ගැනේ.
මේ හේතුන් නිසා ආත්මාරක්ෂක සටබ් ක්‍රම සහ සටන් ක්‍රීඩා අතර වෙනස ඔබට පැහැදිලි වනවා ඇත..හිස් අත් සටන් ක්‍රම හැම සත්‍ය සටනකටම නොගැලපේ.එය ඔබට මෙම ලිපිය කියවා බැලුවේනම් වැටහෙනු ඇත.රින්ග් ෆයිට් සදහා වෙනම ට්‍රේනින් කල යුතුය.ආත්මාරක්ෂක ක්‍රම සදහා වෙනම ඔබ ට්‍රෙනින් කල යුතුය.මතක තබාගන්න ඔබ ඉගෙන ගන්නෙ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක්නම් එය හිස් අතේ සිට ආයුධ දක්වා පුහුනුවක් ඇති ප්‍රායෝගික සටන් කලාවක් විය යුතුය.
සටන් ක්‍රීඩාවක් නම්. Punching ,kicking ,traffing ,grappling ඇතුලත්ව තිබිය යුතුය.ඔබ කරන්නෙ හිස් අත් සටන් ක්‍රමයක්නම් ඔබට වෙනම ආයුධ සම්බන්දව ඉගෙන ගත යුතුය.පාරෙදි නැත්තම් සත්‍ය සටනක හිස් අත පමණක් භාවිතය හෝ එ අයෙකුට සීමා වෙන සටනක් නැත.එහි ඇත්තේ ඔබ නොසිතන දේවල්ය.ඔබ ඊට අනුගත වීමටනම් ඔබ ආත්මාරක්ෂක සටන් ක්‍රමයන් නිවැරදිව හිස් අතේ සිට ආයුධ දක්වා පුහුනු වී තිබිය යුතුය.හැම විටම ඔබේ ශරීර ශක්තිය,වේගය,සමබරතාවය,පහරට පහසුම සහ ඉක්මන් මාර්ගය,හදිසි සටන් සදහා ශරීර සුදානම ගැන වැඩි අවධානයක් යොමු කරන්න..

ඔබේ අදහස් අපට කියන්න...පහල ඇති comment බටන් එක ටච් කර ඔබේ අදහස comment කරන්න අමතක කරන්න එපා

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හොඳ පැහැදිලි කිරීමක්...

    ReplyDelete
    Replies
    1. Thank sifu .... waradi thibboth kiyanna..
      Mama patan gaththa witharane..waradi thiyenna puluwan 😍

      Delete

Post a Comment

Popular posts from this blog

සෙන් කතා