Shaolin kung fu - tiger style 


අප කවුරුත් දන්නා ෂැඔලින් ආරමයේ බිහිවුන වර්ධනය උන ෂැඔලින් කුන්ග් ෆු හී ප්‍රධානතම සටන් ක්‍රම පහෙන් එකක් වනවා මේ කොටි ශෛලිය.tiger style බොහෝ විට lepard style හා සමාන කමක් දක්වනවා.මෙහි වේගයෙන් යන කෙටි පරාස සටන් ක්‍රම.ග්‍රහණය කර ගැනීම්.ඉරා දැමිම් අඩංගු වනවා.මෙහි ප්‍රබල ඉරියව් අන්තර්ගතව ඇත.දැඩි හා චංචල නොව රලු සටන් ක්‍රම මෙහි කිදා බැස ඇත.වක්‍රාකාර පාද තැබීම වගේම අභ්‍යන්තර හා බාහිර ශෛලින් යන ආකර දෙකක් ඇත.පාකුවා ( සටන් ක්‍රමයක් ) ශෛලියේ අනුගමනය කරන ඉරියව්ද මෙයට ඇතුලත් වී ඇතම්.අත් පහර සදහා වැඩි පුරම භාවිතා කරන්නෙ අත්ල,නිය,ඇගිලි තුඩු වෙනවා.zhen yuan විශේෂිත වූ කොටි ශෛලියක් වනව .shang dong black tiger of shaolin අතැගිලි නිසා ම්ම ශෛලිය සොයා ගැනිමට පහසු වෙනවා.
19 වන සියවසේ කොටි ශෛලිය ලොවට බිහිව තිබෙනවා.එහෙත් සතුන් පස්දෙනාගේ මත පදනම් වුන ෂැඔලින් ක්‍රමය 14 වන සියවසෙස් සිට පැවත එන්නකි.wang dynasty යුගයේ පවා මෙම ශෛලින් පුහුනු වූ බවට සාක්ෂි ඇත.නමුත් මෙය වඩාත් ප්‍රායොගික ලෙස පුහුනු උනේ ෂැඔලින් ආරමයේය.සමහරුගෙ පිලිගැනීම වන්නෙ කොටිශෛලිය බුරුමයෙන් බිහිව එය ෂැඔලින් කරා පැමිණිබවත්‍ය.පෙර දිග කලාපයේ භූමියට හා පෙර දිගට අධිරාජ්‍ය ය  උනේ කොටිය සහ දිවියා වීම මෙහි එක් කතාවකි.මන්ද චීනුන් ශතවර්ෂ ගනනාවක්ම විශ්වාස කලා පෙරදිගට අධිපති සිංහයා නොව කොටියා කියා.සත්ව ලෝකයෙ රජු ලෙස කොටියා හැදින්වුයේ මේ නිසාය.ඒ වගේම බොහෝ වංශාදිපතිවරුන් තම ලංචන වලට කොටියා ඇතුලත් කලා.
ස්භාවයෙන්ම කොටියාට තම භිහිසුන කම සගවා ගෙන අහිංසක සේ සිටිය හැක.මේ හැම ක්‍රමයක්ම කොටිශෛලීන්ට ඇතුලත් වුනා.කොටි ශෛලිය තුලදි පහර වැලැක්වීම ඉතාම අඩුවෙන් තමයි දකින්න පුලුවන්.හේතුව වන්නෙ සැනින් කඩා පැන පහර එල්ල කරන කොටියා කිසි විටෙක අනිකාගෙ පහර වැලැක්වීමට නොයෑමයි.මෙහි සරල හා ශක්තිමත් ක්‍රම අඩංගු වන්නේ.මෙහි yang and yin ලෙස ප්‍රදාන කොටස් දෙකකට ඉරියව් බෙදෙනවා.
Yang හී දී ප්‍රදාවන වශයෙන්ම වක්‍රාකාර අත් පහරදීම් හා ඉලක්කයට එල්ලවන පා පහර දීම් බහුලව ඇත.round downwrmard clawing ඉරියව්වේදී අත්ල හා නැමුනු ඇගිලි තුඩු වලින් යුත් අත් පහර ඉහල සිට පහලට එල්ල කෙරේ.ඔබ දැක තිබෙන බලලෙකුගේ ගොදුරු කුරුමානම සහ ගොදුර සමග සටන් කර ග්‍රහනය කර ගැන්ම මෙහි වෙ.
Ying ක්‍රමයේදි අත් ක්‍රියාත්මක වන්නෙ නිය සහ ඇගිලි තුඩු ශරීරයට කිදා බැස පේශු ඉරා දැමීමයි.එහිදි ප්‍රතිවාදියා ආසන්නයේ සිදුවන පහරදීම් රාශියක් අඩංගු වෙයි.
Tiger style තුලදි කිසි විටෙක මහත්මාගති පැවතුම් නැත.කොටියෙකු හැසිරෙන දරුණු ඉරියව් ඇත
When tow tigers fight
One is killed and the other is sverly hurt 
( කොටි ශෛලියෙ  සිදුවන සටනකදී එක් අයෙකි මරණයට පත් වීමත්.අනිකා අති දරුණු තුවාල ලැබීමත් සිදු වෙනවා )

Comments

Popular posts from this blog

සෙන් කතා