ආත්මාරක්ෂක සටන් ක්රමයක සහ රින්ග් ෆයිට් ට්‍රේනින් වල වෙනස
01 - ආත්මාරක්ෂක සටන් ක්රමයක හා රින්ග් තුල කෙරෙන සටන් ක්‍රම වල වෙනස මොකක්ද?
02 - ඇයි හැම සටන් ක්‍රමයකින්ම රින්ග් එකේ සටන් කරන්න බැරි ?
03 - රින්ග් සටන් ක්‍රම ආත්මාරක්ෂාවට හෝ විදි සටන් වලට යොදාගත නොහැකිද?
01 - ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් යනු සත්‍ය සටනකදි දිවි ගලවා ගැනීම සටන් කිරීමයි..එය හිස් අත් සටන් ක්රමයේ සිට නොයෙක් අවි ආයුධ පොලු ගල් ගඩො වලින් ඇග බේරගන්න සහ සටන් කරන ක්‍රම මානසික හා කායික දියුණු කරන ක්‍රම වේදයන් ඇතුලුව බොහෝ දේ අඩංගුය..
02 - ආත්මාරක්ෂක සටන් ක්‍රම වලින් රින්ග් තුල සටන් කිරීමට නොහැක.ආත්මාරක්ෂක ක්‍රම වලිදි ප්‍රධාන ඉල්ලකයන් වන්නෙ මිනිස් සිරුරේ දුර්වල ස්තානයනය.( ඇස බෙල්ල කන් දෙක ලිංගික ප්‍රදේශය ස්නායු මූල දුර්වල අස්ථි) රින්ග් සටන් වල ඊට හාත් පසින්ම වෙනස් වෙයි එහි නිති අනුව අපට ආත්මාරක්ෂක ක්‍රම එහිදී භාවිතා කල නොහැක.සත්‍ය වශයෙන්ම රින්ග් සටන් වලට පුහුනු කරන්නෙ හිස් අත් සටන් ක්රමයන් වේ..අවි ආයුධ එහි භාවිතයක් නොමැත.මෙම හේතුන් නිසා ආත්මාරක්ෂක ක්‍රම සහ රින්ග් සටන් ක්‍රම වෙනස් වෙයි..
03 - රින්ග් සටන් ක්‍රම වන්නෙ MUAY THAI,BOXING ,SAVATE ,KICK BOXING ,MMA වැනි ක්රමයන් වෙයි.විදි සටනකට හෝ ආත්මාරක්ෂාව ට මේ සටන් ක්‍රමද යොදාගත හැක.ඒ හිස් අතින් විදි සටන් වලදී ය.විදි සටනකදි බොහෝ විට ගල් පොලු පිහි වැනි ආයුධ සුලබ කරුනක් වෙයි..මේවලින් ආරක්ෂා වීමට සහ සටන් කිරීමටනම් වෙනම අදාල සටන් ක්රමයන් පුහුනු විය යුතුය..
සැ:යු - මේ කරුණු ස්වල්පයක් පමණයි.බොහො වෙනස්කම් ඇතත් ඒ සියල්ල අප පසුව ගෙන එන්නම්.ලංකාව වැනි රටවල නොදියුණු මනසක් ඇති මිනිසුන් මේ වෙනස ගැන දන්නෙ නැත.ඉගෙන ගන්නේද නැත.සැවොම සිතන්න එකක් කරලා ඔක්කොම කරම්ම.එහෙම කිරීමට කිසිම විටෙක බැරි බව මතක තබාගන්න.ඔබ කරන්නෙ ආත්මාරක්ෂක සටන් ක්‍රම නම් හිස් අතේ සිට අවි ආයුධ දක්වා පුහුනු වන්න.
Comments
Post a Comment