“සංහිඳියාවේ මාර්ගය (The way of harmony)” හප්කී-දෝ -합기도 (Hapki-do) ලොව පවතින සටන්කලා ශෛලීන් අතර තවත් අග්‍රගන්‍යය සටන් ශෛලියක් ලෙස "හප්කී-දෝ" සටන් ශෛලිය නම් කල හැක. කොරියාව නිජබිම කරගත් "හප්කී-දෝ" සටන් කලාවේ උපත සිදුවන්නේ කොරියාව, ජපානයේ යටත් විජිතයක් ලෙස පැවති කාල වකවානුව අවසානයේදී ය. (1910-1945). "හප්කී-දෝ" කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන "චොයි යොන්ග් සෝල් - 최용술 (Choi Yong-Sool )" වර්ෂ 1904 නොවැම්බර් මස 9 වන දින වත්මන් දකුණු කොරියානු "චුන්ග්චිඕන්ග්බුක්-දෝ" පළාතේදී උපත ලදී. කුඩා කලදීම දෙමාපියන් අහිමි වූ කුඩා "චොයි යොන්ග් සෝල්" හැදී වැඩෙන්නේ ඔහුගේ නැන්දා කෙනෙකුගේ සෙවනේය. අහඹු සිදුවීමක් මත ජපානය බලා සංක්‍රමණය වන කුඩා "චොයි යොන්ග් සෝල්" වයස අවුරුදු 8 දී සටන් කලා ලොවට අත්පොත් තබන්නේ ලොව අග්‍රගන්‍යය සටන් ගුරුවරයකු වූ “තකේදා සෝකකු - 武田 惣角 (Takeda Sōkaku)” ගෙනි. “තකේදා” ගුරුතුමන්ගේ “දයිතෝ-රියූ - 大東流 (Daitō-ryū)” සටන් පාසලෙන් “අයිකී-ජූජිට්සු -合気柔術 (Aiki-jūjutsu)” සටන් ශෛලිය වසර 30 ක පමණ කාලයක් මනා ලෙස ප්‍රගුණ කරන “චොයි යොන්...