වරද කොතනද

වැරැද්ද ෆෝන් එකේද?
" ගොඩක් අය කියන දෙයක් තමයි ( සමාජයේ ) ලමයින් අද ෆෝන් නිසා දුර්වල වෙලාය , වැරැද්දට පෙලඹිලාය , ෆොන් එකේ තනි වෙලා සමාජයෙ නෑය  වගේ දේවල් ඇත්තටම මේක ඇත්තද?
මිනිස්සු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඉගෙනීමට දක්ශ වැදගත් ගුණවත් මිනිහෙක්....
තව කෙනෙක් ඉන්නවා මෙලෝ රහක් නැති ගොබ්බ අසික්කිත චන්ඩාලයෙක්....
දෙන්නටම එක ජාතියෙ උල් පිහි දෙකක් දුන්නොත් පලමු කෙනා කරන්නෙ ඒකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගන්න එක.දෙවනි කෙනා කරන්නෙ ඒකෙන් මොකක් හරි ගුස්පියක් අදින එක..

අන්න ඒ වගේ තමයි තාක්ෂණයත්....වැරදි කෙනාට ගියාම කෝමත් වැරදි..හොදට ක්‍රීඩා කරන..ඉගෙන ගන්න...ගුණවත් කෙනා කරන්නෙ තාක්ෂණයෙන් ඉගෙන ගන්න එක..

අපේ පොඩි කාලෙ ෆොන් තිබ්බෙ නෑ..අපි ඉගෙන ගත්තෙ කවුරු හරි කියන දෙයක්..මට වයස 16 විතර වෙනකන් දැනුම අතින් බිංදුවෙ හිටියෙ..අඩුම ගනේ ඉංග්‍රීසි වචනයක් හරි ගස්ස ගන්නවත් මට බෑ..අලුත් තාක්ෂණයක් ඇවිත් ලැප් ටොප් කම්පුයුටර් ෆෝන් ආවා ඒ කලේ...එතනින් තමයි මගෙ ඉගෙනුම පටන් ගන්නෙ...
මම නොදන්න සෑම විශයක්ම 90% ක් මම ඉගෙන ගත්තෙ ෆෝන් එකෙ පිහිටෙන් තමයි.අදටත් ඉංග්‍රිසි කොස් වගෙ දෙවල් කරන්නෙ මේ ෆොන් එකෙන්.

සත්‍ය කතාවනම් මෝඩ ගොබිලියෙකුට පොතක් දුන්නත් එකයි ෆෝන් එකක් දුන්නත් එකයි..
තාක්ෂණයෙ නෙවෙයි වැරද්ද...තාක්ෂණය භාවිතා කරන අයගෙ..
ජපන්නු තාක්ෂණය අතින් ඉහලම ඉන්නවා..හැම මිනිහෙක්ම උදෙ ඉදන් රෑ වෙනකන්..රෑ ඉදන් එලි වෙනකන් වැඩ කරනවා..කන්නෙ බොන්නෙ යන එන ගමන්..ඉතින් උන් දුර්වල වෙලාද? නෑ.. වැඩ කරන්න...ව්‍යයාම කරන්න වෙලාවල් හදාගෙන ඉන්නෙ...ව්‍යයාම ජීවිතයෙ අනිවාර්‍ය දෙයක් වෙලා...සත්‍ය කතාවනම් අපි ෆොන් එකක් හො කම්පුයුටර් එකක් ඉස්සර පැය ගානක් ඉන්නවා කියන්නෙ ඇස් දුර්වල වෙනවා...ඇග දුර්වල වෙලා ලෙඩ ගන්නවා..
හැබැයි දිනපතා අනිවාර්‍ය ව්‍යයාම කරන අයට මේ ප්‍රශනය නෑ ඒක මම 100% වගකීමෙන් කියනවා..
මතක තියාගන්න හැම ප්‍රශ්නයක්ම තියෙන්නෙ දුර්වල මෝඩ ගොබිලි මිනිස්සුන්ට පමණයි කියන එක ...
නිදහස් මනසක් තියෙන..ඉගෙන ගන්න...ශරීරය ගැන හිතන....හිනාවෙලා ඉන්න මිනිස්සුන්ට ඔය ප්‍රශ්න නෑ...

හාමුදුරුවන්ට දැලි පිහිය ලැබුනාම එතුමා රැවුල හිස බූ ගනවා..
මෙලො රහක් නැති ගොබ්බයින්ට ලැබුනාම ඒකෙන් මිනිස්සු කපනවා..

ඕකයි ඇත්ත 😍

Comments

Post a Comment

Popular posts from this blog

සෙන් කතා