ඉගනීම
- දිනක් දරුවා පාසල් ගොස් ගෙදර ආවා
ගුරුවරයා ඔහුට ලිපියක් දී තිබුනා
එය ඔහු මවට දුන්නා
මව පොඩි පුතාය ඇහෙන සේ ලිපිය කියෙව්වා....
"ඔබේ පුතු ඉතාම දක්ෂයෙක්...ඔහුට ඉගැන්වීමට දක්ෂ ගුරුවරු අප පාසල තුල නොමැත..ඔබම ඔහුට උගන්වන්න"
.
යනුවෙන්...පොඩි පුතා අසාගෙන සිටියා තම මව කියවන ලියුම..
කාලයක් ගෙවුනා..
දරුවා වැඩිහිටියෙක් ලෙසට පත් උනා..
මව මිය ගියා.
දිනක් මව ජීවත් වුන කාමරය අස් පස් කරමින් සිටින විට පොඩි කලේ තමා ගුරුවරයාගෙන් මවට ගෙනත් දුන් ලියුම දුටුවා...
ඔහු එය ගෙන කියවා බැලුවා
එහි මෙසේ සටහන්ව තිබුනා
" ඔබේ දරුවා මන්ද මානසික දරුවෙක්...ඔහුට ඉගැන්වීමට අපට නොහැක...පුලුවන්නම් ඔබ උගන්වන්න" යනුවෙන්.
ඔහුට සියල්ල වැටහුනා..
තමාගේ සිත සැදීමට මව කලින් පරිදි ලියුම කියෙව්ව බව වැටහුනා..
කෙසේ නමුත් පාසලෙන් බෑ කියපු දරුවාට මව උගන්වා තිබුනා..
ඇය වීර මාතාවක් උනා..
ඒ තෝමස් අල්වා එඩිසන් නමින් අප කවුරුත් දන්නා මහා විද්වතාගේ මව වීමෙන්...
ජීවිතය යනු ඔබ හෝ සමජය සිතන පැත්ත නොවන්න පුලුවන් බව හැම විටම සිහි කරගන්න
thank u for ur post,we get knowlage,
ReplyDeleteYou'r welcome
Delete