මිනිසෙකුගේ අවසානය

මිනිසෙකුගේ අවසානය   ⬇️

මුලින්ම මාවා එකකින් පටන් ගත්තෙ. කොලුකමට. ආතල් එකට.
නැවතුනේ අන්තෙටම ගිහින්.

බියර් එකකින් පොඩ්ඩක් බිවුවෙ අනිත් උන් බොද්දි නොබී ඉන්න තරම් හිත හයිය නැති හින්දා. ඒත් බියර් එකෙන් මම නැවතුනේ නෑ.

බෝතලේ අතට ගත්තෙ බේබද්දෙක් වෙන්න හිතාගෙන නෙමේ. කොල්ලො සෙට් එක අතරෙ එක ශොට් එකක් හරි වැඩිපුර ගහන වැඩ්ඩෙක් වෙන්න හිතාගෙන. ඒත් බේබද්දෙක් වෙලා චොර උන නැති තැනක් නෑ.

සිකරට් එක කටේ තිබ්බෙ ඒකෙ තිබ්බ පොඩි කික් එක විදලා කෙල්ලෙක් ඉස්සරහා පොඩි දුම් පාරක් විදින්න හිතාගෙන. ඒත් උනේ වෙන දෙයක්. නිකොටින් නැති වෙද්දි ඇග ඇතුල පිච්චෙන්න ගත්තා.

ඊයම් කොලේ ඔතපුවා ඉරුවෙ ආසාවට මිසක් පාවෙන්න හිතාගෙන නෙමේ. ඒත් මට වැදුනා පාවෙන්නම. පාවෙලා කරපුවා ආඩම්බර දේවල් නෙමේ.

ග්‍රෑම් එකක් හතරට කඩලා එක කෑල්ලක් උරපන් කියලා යාලුවා මට දුන්නම, ඒක ඉරුවෙ ජීවිතේ ඒකටම ඇබ්බැහිවෙයි කියලා හිතන්නෙ නැතිව. දැන් කෑවෙබීවෙ නැතත් කමක් නෑ. හැමදාම ග්‍රෑම් එක ඕනෙ.

මැද්දට එන්න ඕනෙ දේවල් ගොඩයි. ටොෆි. ඈෂ්. පෙති....... නම් දහයක් දොළහක් විතර ඇඩ් වෙන්න ඕනෙ.

ජීවිතේ එක තැනක වැරදෙන්න ඇති.
හැමදේම උනේ පොඩියට පටන් ගත්ත දෙයක් නිසා. තාමත් පරක්කු නෑ හරි දේ කරන්න. නවත්තපන් එක ජාතියක්.
ඊට පස්සෙ තව එකක්.
උඹට හිතෙනවා ඇති මූ දන්න මගුල කියලා. ඔය දේවල්වලින් ටිකක් හරි කරන එකා හැසිරෙන හැටි දකින්නෙ සිහියෙන් ඉන්න මිනිස්සු මිසක් ඌ නෙමේ. ඌ ඒවාගෙන් ආතල් එක ගන්නකොට අපි උගෙන් ආතල් එක ගන්නවා.
අනුන්ට ආතල් දෙන්න එපා මචං.

(උපුටා ගන්නා ලද්දකි)

Comments

Popular posts from this blog

සෙන් කතා