Posts

Image
JEET KUNE DO  ජිට් කුන්ඩෝ....මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් නේ.......ඒ විශිෂ්ට විද්‍යාත්මක සටන් කළාව කවුද නිර්මාණය කලේ කියල කියන්න ඕනේ නෑනේ..... ඉතින් ජිට් කුන්ඩෝ නිර්මානයට ප්‍රදාන වශයෙන් දායක වෙලා තියෙන්නෙ      ❣️වින්ග්චුන්     ❣️නවීකරනය කරපු බොක්සින් ක්‍රමවේද     ❣️ ෆෙන්සි කඩු සටන් වල ෆුට් වර්ක් මෙහිදී  ෆෙන්සි ෆුට් වර්ක් හා නවීකරණය කරපු බොක්සින් ක්‍රමවේද තුලින්  පහර වල ශක්තිය වැඩි කරගන්න පුලුවන්..ඒ වගේම ඒගැන හොද වැටහීමක් අවබෝධයක් ලබා ගන්නත් පුලුවන් ...... [ඔයාලා දන්නවනේ ෆෙන්සි කඩු සටන් කියන්නෙ මොනවාද කියල..ඔලිම්පික් වල එහෙම සුදු පාට මුලු ඇගම වහගෙන නැමෙන පොඩි හීනි කඩුවක් අරන් (සෝරෝගේ කඩුව) දැන් කට්ටියට මීටර් වෙනවා ඇති....සෝරෝ කියන්නෙත් ෆෙන්සි ෆයිටර් කෙනෙක්😍....] මෙන්න මන් මේ පල්ලෙහා දාලා තියෙන්නෙ ජිට් කුන්ඩෝ සටන් කළාවේ භාවිතා කරන ෆෙන්සි ෆුට් වර්ක් ලිස්ට් එකක්..... 🔥Push Step ( Forward & Back) 🔥Step and Slide Advance 🔥Step and Slide Retreat 🔥Slide Step Advance 🔥Slide Step Retreat 🔥Pu...
Image
කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්‍ර 24.සේසත 25.ස්වර්ණ වාල විජිනි 26.තරාදිය 27.භද්‍රපීඨ 28.චාමර 29.ජම්බුද්දීප 30.පූර්ව විදේහ දිවයින 31.පශ්චිම දිවයින 32.උතුරු කුරු දිවයින 33.කිරි මුහුද 34.යුගන්ධර පර්වතය 35.සප්ත මහා සීදන්ත සාගරය - 1 36.ඊශ්වර පර්වතය 37.සප්ත මහා සීදන්ත සාගරය - 2 38.කුරවික පර්වතය 39.සප්ත මහා සීදන්ත සාගරය - 3 40.සුදර්ශන පර්වතය 41.සප්ත මහා සීදන්ත සාගරය - 4 42.නෙමින්දර පර්වතය 43.සප්ත මහා සීදන්ත සාගරය - 5 44.විනතක පර්වතය 45.සප්ත මහා සීදන්ත සාගරය - 6 46.අශ්ව කර්ණ පර්වතය 47.සප්ත මහා සීදන්ත සාගරය - 7 48.සූර්ය මණ්ඩලය 49.චන්ද්‍ර මණ්ඩලය 50.ධජ 52.ස්වර්ණ මත්ස්‍ය යුගල 53.පතාක 54.වඩමං 55.චක්‍රායුධය 56.දක්ෂ...
Image
ලෙත්වෙයි ශිල්පය(Art of Nine Limbs) =================================== ඔබ මුවායි තායි ගැන අසා ඇත. Art of eight limbs ලෙස ලොව ප්‍රචලිත වූ එම සටන් කලාව අද ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පවති. දණහිස් සහ වැලමිට සටන් සඳහා යොදා ගන්නා බැවින් මුවායි තායි ප්‍රචණ්ඩකාරී බව නොරහසකි. නමුත් දණහිස් සහ වැලමිටට අමතරව පහර දීමට හිසද යොදා ගැනීම ලෙත්වෙයි ශිල්පයේ වීශේෂත්‍වයයි. එම නිසා ලෙත්වේ ලොව පුරා art of nine limbs ලෙස ප්‍රචලිතව ඇත. Burmese Bareknuckle Boxing, Myanmar Boxing ලෙසද මෙය හැදින් වේ. මෙම සටන් ශිල්පයේ නිජ බිම වන්නේ බුරුමය (මියන්මාරය) වේ. ලෙත්වේ මියන්මාරයේ තිබෙන තවත් සටන් ක්‍රමයක් වන බන්දෝ සටන් ශෛලිය සමඟ සමකාලීන සටන් ක්‍රමයක් බව සමහරුන්ගේ මතය යි. නමුත් මෙම සටන් ශිල්පය මුවායි තායි සටන් කලාව හා සමගාමීව බිහී වූ සටන් කලාවක් බවයි මාගේ මතය. ඉතිහාසය කෙසේ වෙතත් මෙහි ඇති වැදගත්ම දෑ වන්නේ එහි ඇති තාක්ෂණයයි. ශරීරයේ ඇට කුඩු වෙන්න පහර දිය හැකි  පහර දීම් අතර පොර බැදීම් සහ බිම වැට්ටීම් ද ඇතුලත් වේ. සටන් සඳහා අත් වෙළුම් පටි පමණක් භාවිත් වේ. එම නිසා එය bareknuckle fighting style එකක් වශයෙන් හැඳින් වේ....
Image
වින්ග්චුන් මුෂ්ඨි ප්‍රහාර වල විවිධත්වය ==================================== වින්ග්චුන් ශිල්පයේ දැකිය හැකි වඩාත්ම ප්‍රසිද්ධ මුෂ්ඨි ප්‍රහාරය වන්නේ මධ්‍ය රේඛාව ඔස්සේ ඉදිරියට එල්ල වන පහර හෙවත් vertical punch එක යි. මෙම පහර චීන බසින් හඳුන්වන්නේ 'යට් චී කුන්' ලෙසින්. මීට අමතරව නොකඩවා එකදිගට එල්ල කරන මුෂ්ඨි ප්‍රහාර දාමය (chain punch) වින්ග්චුන් වල තිබෙන ජනප්‍රිය අනන්‍ය ලක්ෂණයක් විදිහට හඳුන්වා දෙන්නත් පුළුවන්. කෙසේ නමුත් වින්ග්චුන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම ආධුනික වින්ග්චුන් ශිල්පීන් පවා ඇතැම්විට සිතාගෙන සිටින්නේ මුෂ්ඨි ප්‍රහාර සම්බන්ධයෙන් වින්ග්චුන් ශිල්පය තුළ දක්නට ලැබෙන්නේ මෙම vertical punch එක සහ එහි උප ප්‍රභේදයන් (variations) පමණයි කියා. එය නිවැරදි නොවේ. බලය යොමු කෙරෙන ආකාරය සහ දිශාව අනුව එකිනෙකට වෙනස් මුෂ්ඨි ප්‍රහාර කිහිපයක්ම මෙම ශිල්පය තුළ උගන්වනු ලබනවා. සියු නිම් තාවො, චම් කියු සහ බියුජී යන ශිල්පක්‍රම තුන ඉගෙනගෙන අවසන් කරද්දී මෙම එකිනෙකට වෙනස් මුෂ්ඨි ප්‍රහාරයන්ද ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන්. මොයි යට් වින්ග්චුන් පෙළපතේ මුෂ්ඨි ප්‍රහාර හයක් මූලික වශයෙන් දැකගත හැකි අතර...
Image
Italy , pompey   පොම්පේ කැණීම් වලින් මතුවූ කාමුක කලාව  පොම්පෙයි සහ හර්කියුලේනියම් වල නටබුන් කැණීම් හා සංරක්ෂණය සඳහා වගකිව යුතු 19 වන සියවසේ පුරාවිද්‍යා  භාරකරුවන්ට අතීතයේ රෝම ලිංගිකත්වය විශාල ගැටලුවක් විය.  පොදුවේ රෝමානුවන්ට සහ පොම්පෙයිහි සහ විශේෂයෙන් හර්කියුලේනියම් හි පුරවැසියන්ට කලාව හා එදිනෙදා වස්තූන් පිළිබඳ කාමුක හැඟීම් කෙරෙහි දැඩි ඇගයීමක් තිබුණි.  ප්‍රියාපස් නම් දෙවියන්ගේ සුබ පැතුම් සංකේතයක් වූ අතර බිතු සිතුවම්වල සිට ශිෂේණය හැඩැති සුළං චිමීස් දක්වා හා තෙල් සහිත ලාම්පු දක්වා සෑම දෙයකම මේ ලකුණු දක්නට ලැබේ.   බිත්ති මත පින්තාරු කර ඇති මිථ්‍යා කථා වල ලිංගික හමුවීම්, රහස් උත්සාහයන් සහයන් වලින් පිරී තිබුණි.  යම් ආකාරයකින්, මෙම කාමුකත්වය වික්ටෝරියානු යුරෝපයට පමණක් නොව නූතන සමාජයට පවා කරදරයක් විය හැකි මට්ටමක පුළුල් ලෙස පිළිගනු ලැබීය.  පොම්පෙයි කලා කොල්ලය ආරම්භ වූයේ 1700 ගණන්වල අග භාගයේදීය. ස්පාඤ්ඤයේ   III වන චාල්ස් ලෙස හැඳින්වෙන බෝර්බන් හි චාල්ස්ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා මෝස්තර සහිත පුරාවස්...
Image
නව ලෝකයේ පැරණි ලෝක ගෝලයක් හමුවේ! තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්. පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්. මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා. මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ. ජම්බෝල ගෙඩියක් තරම් වන මෙම ලෝක ගෝලය නිර්මාණය කර ඇත්තේ පැස්බර බිත්තර දෙකක යටි අර්ධ දෙකක් එකට බද්ධ කරමිනුයි. ලෝක ගෝලයේ නියම ගෝලාකාර හැඩය රැක ගෙන ඇත්තේ ඒ ආකාරයටයි. මේ ලෝක ගෝලය හමුවන තෙක් නව ලෝකයේ සිතියම දැක්වෙන පැරණිම ලෝක ගෝලය වූයේ ‘...
Image
ව්‍යායාම කිරීමෙන් මොළය වර්ධනය වෙන්නේ කොහොමද? අපේ ‍මොළය සැකසී තිබෙන්නේ නියුරෝන ගොන්නක් එකතු වීමෙන්. මොළයේ සෛල හෙවත් ‘නියුරෝන’ අතෙහි ඇඟිලි දිග හැරියාක් මෙන් අනුශාඛිකා සහිත සෛල වර්ගයක්. ඒවායේ එක් ශාඛාවක් (අක්සනය) දික්වී තවත් නියුරෝනයක් හා බැ‍ඳ‌ෙනවා. ඉගෙනීම, සිතීම, මතක් කිරීම, අපි අත්දකින දේවල් ආදී හැම දෙයක්ම ඒවා අතර ඇතිවන විද්‍යුත්-රසායනික බැඳීම හරහා සිදු වෙනවා. එක් නියුරෝනයක් තවෙකක් හා බැඳීම නිතර සිදුවන විට එම බැඳීම ශක්තිමත් වෙනවා. කුඩා කාලයේ බහ තෝරද්දි අපිට වචන කියාගන්න අමාරුයි. ඒත් කාලයක් අපි එය කිරීමෙන් ම හුරු වුණාම කතා කරද්දී අපිට කටෙහි හැසිරවීම ගැන පොඩ්ඩක්වත් හිතන්න දෙයක් නැහැ. පසුව අපි කතා කරන්න විතරක් නෙවෙයි, ඒ භාෂාවෙන්ම හිතන්නත් පටන් ගන්නවා. පර්යේෂක කණ්ඩායමක් මීයන් යොදාගෙන කළ පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ අපි ව්‍යායාම කරද්දී මොළයේ ‘අයිරිසින්’ (irisin) නමැති විශේෂ අණු වර්ගයක් නිපදවෙන බව යි. මෙමගින් නියුරෝන වලට ආරක්ෂාව සැපයීමේ ක්‍රියාකාරීත්වයන් දක්වන අතර ඉගෙනීමට හා මතක තබා ගැනීමට ඉවහල් වන ජාන සක්‍රීය වීම ද ඉන් සිදුවන බව ඔවුන්ට පෙනී ගියා. ඔවුන් තවදුරටත් අනාවරණය ක...
Image
බ්‍රසිලියන්  ජුජිට්සු සහ ජැපනීස්  ජුජිට්සු සංසන්දනය කරන්න එපා . මෙම දෙකම එකිනෙකට වෙනස් වූ අරමුණු දෙකකින් ලොවට හදුන්වාදෙන ලද සටන්කලා දෙකකි . ජැපනිස් ජුජිට්සු වලින් ජුඩෝ බිහිඋනේ , ජුඩෝ වලින් තමයි බ්‍රසිලිඅන් ජුජිට්සු බිහිඋනේ ජුජිට්සු වල ආරම්භය උනේ ඉතා ඉහත කාලේදී  . සමුරායි වරුන් ලොහ සන්නාහ පැලදු නිසා සමුරායි වරුන්ගේ සටන් කළා වන ජෝදෝ , ඉඓදො , කියෝදෝ , ඓකිදොයන සටන් කලාවලින් ප්‍රතිවාදිය ට පහර දීමට අපහසු තාවයක් හට ගන්න ලදී  . මෙයට පිලියමක් ලෙස ජුජිට්සු සටන් කලාව භාවිතා කරන ලදී . ජුජිට්සු වල අස්තිභ්න්දන වල බලය බිදීමට ශිල්පීය ක්‍රම භාවිත කරන හෙයින් ලොහ සන්නාහ පැ ලද සිටියද පහට දේම සහ සතුරා අඩපන කිරීම සාර්ථකව කිරීමට හැකි වුනි . මෙය මරණයකින්  බොහෝ විට අවසන් වේ එමනිසා ජැපනිස් ජුජිට්සු වල බ්‍රසිලිඅන් ජුජිට්සු වල වගේ ශිපීය ක්‍රම බොහොමයක් නොමෙත . බ්‍රසිලිඅන් ජුජිට්සු ප්‍රචලිත වුනේ  සහ ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙසය . උද බිමේදී උපයෝගී කරගන්න සටන් කාල්වක් සහ ක්‍රීඩාවක් , ආත්මාරක්ෂක කලාවක් අතර වෙනසක්  පවතී . උදබිමේදී මොහො ශිල්පීය ක්‍රම අවශ්‍යය නොවේ . ප්‍රතිවාදිය මරණය ප...
Image
Wing chun punch  වින්ග්චුන් මුෂ්ටි පහර (Ving Tsun Punch) ================================ වින්ග්චුන් ශිල්පයේ එන මුෂ්ටි පහර එම සටන් කලාවටම අනන්‍ය වූ ශිල්පීය ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. බොහෝවිට එක දිගට දාමයක් ලෙසින් පිට පිටම එල්ල කරන මෙම මුෂ්ටි ප්‍රහාරයන් ඔබ චිත්‍රපට වලින් දැක ඇතුවාට සැක නැහැ. මෙය වින්ග්චුන් වලදී ඉගෙනගන්නා මූලිකම ශිල්ප ක්‍රමයක් වුවත් සටනකදී ඉතාම ප්‍රයෝජනවත් පහරක් ලෙස හඳුන්වන්න පුළුවන්. නිවැරදිව මෙම පහර පුරුදු වූ අයෙකුට තත්පරයක කාලයක් තුලදී සටනක් අවසන් කිරීමට හැකියාව තිබෙන අතර හකුඇටය හෝ ඉළ ඇට බිඳී යන තරමේ බලයක් පහසුවෙන්ම ජනනය කරන්න පුළුවන්. අවම තරමේ වසරක්වත් මෙම පහර නිරන්තරයෙන් පුහුණු විය යුතුයි මේ තත්වයට ලඟා වීමට නම්. පැරණි ගල් අඟුරු දුම්රිය ඇන්ජිමක රෝද ඉදිරියට චලනය කිරීම සඳහා එම රෝද එයට පි‍ටුපස ඇති ප්‍රධාන රෝදයට සම්බන්ධ කර තිබෙන දණ්ඩ (Driving gear) ඔබ දැක තිබෙනවානම් ඒ අනුසාරයෙන් මෙම වින්ග්චුන් මුෂ්ටි පහරේ යාන්ත්‍රණය පැහැදිලි කරදෙන්න පුළුවන්.  පි‍ටුපස ප්‍රධාන රෝදයෙන් බලය ජනනය කරන විට ඉදිරි රෝද වෙත එම බලය සම්ප්‍රේෂණය කරමින් දණ්ඩ ඉදිරියට ගමන්...
Image
ගිනිගෙන දැවුණු ලෝදිය වැටී 16000ක් එකතැන වැළලුණු පොම්පෙයි නගරය අවුරුදු 2000ක් තිස්සේ අළු ගොඩකින් වැසී තිබුණු ඉපැරැණි පූජාසනයක් පොම්පේයි නගරයෙන් හමුවී තිබේ. ක්‍රි.ව. 79දී විසුවියස් ගිනි කන්ද පිපිරුණු අවස්ථාවේ ජීවිත 16,000ක්ද විනාශ කරගෙන මුළු නගරය වසාගෙන විසිරුණු අළු කන්දරාව යට මෙම අල්තාරය සුරක්ෂිතව තිබිණි. මෙය පිහිටි ස්ථානයේ ලේ මෙන් රත් පැහැති තාප්පද ඒ මත අඳින ලද ගොනුන්, විසිතුරු කුරුල්ලන් හා නාගයන් ආදී සතුන්ගේ මෙන්ම ගස්වල පින්තූර ද පුරාවිද්‍යාඥයන් විසින් ගන්නා ලද ඡායාරූපවල දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් එය "දෙවොල් ගබ" යන අර්ථයෙන් දක්වන ලැරේනියම් යනුවෙන් හඳුන්වන අතර දැන් ඔවුහු එම අල්තාරය පාවිච්චි කළ ජනතාව ගැන වැඩිදුර කරුණු සෙවීම ස¼දහා එහි කැණීම් කරති. ඉපැරැණි රෝමයේ ධනවතුන්ගේ නිවෙස්වලට ඇතුළු වන තැන මෙවැනි පූජාසන සහිත කුටි ඉදිවී තිබුණු අතර ඔවුහු එම ආසන මත නොයෙක් පූජා භාණ්ඩ තබා ඔවුන් ඇදහූ දෙවිවරුනට යාඥා පැවැත්වූහ. හමුවී තිබෙන පූජාසනය සහිත කුටිය සුවිශේෂ දර්ශනයක් බව සඳහන් කරන පොම්පේයි නගරයේ පුරාවිද්‍යා භූමිය භාර කාර්යාංශයේ ප්‍රධානී මැසිමෝ ඔසානා ඒ පිළිබඳව තව බොහෝ දුරට අධ්‍යනය කළ ය...
Image
“සංහිඳියාවේ මාර්ගය (The way of harmony)”  හප්කී-දෝ -합기도 (Hapki-do) ලොව පවතින සටන්කලා ශෛලීන් අතර තවත් අග්‍රගන්‍යය සටන් ශෛලියක් ලෙස "හප්කී-දෝ" සටන් ශෛලිය නම් කල හැක. කොරියාව නිජබිම කරගත් "හප්කී-දෝ" සටන් කලාවේ උපත සිදුවන්නේ කොරියාව, ජපානයේ යටත් විජිතයක් ලෙස පැවති කාල වකවානුව අවසානයේදී ය. (1910-1945). "හප්කී-දෝ" කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන "චොයි යොන්ග් සෝල් - 최용술 (Choi Yong-Sool )" වර්ෂ 1904 නොවැම්බර් මස 9 වන දින වත්මන් දකුණු කොරියානු "චුන්ග්චිඕන්ග්බුක්-දෝ" පළාතේදී උපත ලදී. කුඩා කලදීම දෙමාපියන් අහිමි වූ කුඩා "චොයි යොන්ග් සෝල්" හැදී වැඩෙන්නේ ඔහුගේ නැන්දා කෙනෙකුගේ සෙවනේය. අහඹු සිදුවීමක් මත ජපානය බලා සංක්‍රමණය වන කුඩා "චොයි යොන්ග් සෝල්" වයස අවුරුදු 8 දී සටන් කලා ලොවට අත්පොත් තබන්නේ ලොව අග්‍රගන්‍යය සටන් ගුරුවරයකු වූ “තකේදා සෝකකු - 武田 惣角 (Takeda Sōkaku)” ගෙනි. “තකේදා” ගුරුතුමන්ගේ “දයිතෝ-රියූ - 大東流 (Daitō-ryū)” සටන් පාසලෙන් “අයිකී-ජූජිට්සු -合気柔術 (Aiki-jūjutsu)” සටන් ශෛලිය වසර 30 ක පමණ කාලයක් මනා ලෙස ප්‍රගුණ කරන “චොයි යොන්...