ගිනිගෙන දැවුණු ලෝදිය වැටී 16000ක් එකතැන වැළලුණු පොම්පෙයි නගරය
අවුරුදු 2000ක් තිස්සේ අළු ගොඩකින් වැසී තිබුණු ඉපැරැණි පූජාසනයක් පොම්පේයි නගරයෙන් හමුවී තිබේ. ක්‍රි.ව. 79දී විසුවියස් ගිනි කන්ද පිපිරුණු අවස්ථාවේ ජීවිත 16,000ක්ද විනාශ කරගෙන මුළු නගරය වසාගෙන විසිරුණු අළු කන්දරාව යට මෙම අල්තාරය සුරක්ෂිතව තිබිණි. මෙය පිහිටි ස්ථානයේ ලේ මෙන් රත් පැහැති තාප්පද ඒ මත අඳින ලද ගොනුන්, විසිතුරු කුරුල්ලන් හා නාගයන් ආදී සතුන්ගේ මෙන්ම ගස්වල පින්තූර ද පුරාවිද්‍යාඥයන් විසින් ගන්නා ලද ඡායාරූපවල දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් එය "දෙවොල් ගබ" යන අර්ථයෙන් දක්වන ලැරේනියම් යනුවෙන් හඳුන්වන අතර දැන් ඔවුහු එම අල්තාරය පාවිච්චි කළ ජනතාව ගැන වැඩිදුර කරුණු සෙවීම ස¼දහා එහි කැණීම් කරති.
ඉපැරැණි රෝමයේ ධනවතුන්ගේ නිවෙස්වලට ඇතුළු වන තැන මෙවැනි පූජාසන සහිත කුටි ඉදිවී තිබුණු අතර ඔවුහු එම ආසන මත නොයෙක් පූජා භාණ්ඩ තබා ඔවුන් ඇදහූ දෙවිවරුනට යාඥා පැවැත්වූහ. හමුවී තිබෙන පූජාසනය සහිත කුටිය සුවිශේෂ දර්ශනයක් බව සඳහන් කරන පොම්පේයි නගරයේ පුරාවිද්‍යා භූමිය භාර කාර්යාංශයේ ප්‍රධානී මැසිමෝ ඔසානා ඒ පිළිබඳව තව බොහෝ දුරට අධ්‍යනය කළ යුතුව ඇතැයිද ප්‍රකාශ කරයි. පූජාසනය පිහිටි කාමරය තුළ කැණීම් මෙතෙක් අවසන් වී නැති අතර එය කුඩා නිවෙසක කාමරයක් බවත් එහි බිත්තිවල රෝම දෙවිවරුන්ගේ පින්තූර ඇඳ තිබෙන බවත් පුරාවිද්‍යාඥයෝ කියති. එම දෙවිවරුන් එහි වැසියන්ගේ පූජෝපහාරවලට ලක් වූවන් විය හැකි බවද විද්‍යාඥයෝ අදහස් කරති.
බිත්තිවල ඇඳ තිබෙන සමහර චිත්‍රවලින් රෝමවරුන්ගේ මායාකාරී සිතිවිලි පිළිබිඹුු වන බව ප්‍රකාශ කරන පුරාවිද්‍යාඥයන් මෙම චිත්‍ර අතර තිබෙන සුනඛ හිස සහිත මිනිස් රූපය, "අනුබිස්" නමැති ඊජිප්තු දෙවියන්ගේ රෝම දෘෂ්ටිය පිළිබිඹු කරන්නක් විය හැකියැයිද කියති. මේ විදියේ පූජාසන සහිත කුටි රෝමවරුන්ගේ නිවාසවල පොදු ලක්ෂණයක් යැයි නෝටුඩෑම් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ, මහාචාර්ය ඉන්ග්‍රිඩ් රෝලන්ඩ් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කීවේය.
මෙම පූජාසනය මත තබන ලදුව වසර 2,000කට පෙර දැවී ගිය පූජා භාණ්ඩවල භෂ්මාවශේෂ අදත් දක්නට ලැබේ. රෝමවරුන් සශ්‍රීකත්වයේ සංකේතය වශයෙන් සලකන බිත්තරද පූජාසනයෙහි ඇඳ තිබෙන චිත්‍රවලින් දැක්වෙන බව හා පිලිස්සී තිබෙන නොයෙක් පූජා භාණ්ඩ අතරද බිත්තර හා නොයෙක් ධාන්‍ය වර්ගද තිබෙන බවද මහාචාර්ය ඔසාමා පැවැසීය.
මෙය මෙතරම් දිගු කලක් සුරක්ෂිතව තිබීමද විශේෂ සිද්ධියක් බවත් ඔහු කීවේය. රෝමයේ එකල සෑම නිවෙසකම කිසියම් ආකාරයක පූජාසනයක් තිබෙන්නට ඇති නමුත් මෙසේ අලංකාර සැරසිලි සහිත කුටියක් තුළ මෙවැනි පූජාසනයක් තිබිය හැක්කේ ධනවතුනට පමණක් යැයි පුරවිද්‍යාඥයෝ අදහස් කරති. ගල් කැබැලිවලින් හා අළුවලින් සැදි ඝන ස්ථරයකින් මෙම කලාත්මක නිර්මාණ අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ හිරු එළියෙන් හා ජලයෙන් වැළකී තිබිණි. සෙල්සියස් අංශක 500ක උෂ්ණත්වයකින් යුත් යමහල් කැබැලි වැදීමෙන් ක්ෂණිකව මියගිය පොම්පේ නගර වැසියන්ගේ සිරුරු ඔවුන් මියයන මොහොතේ සිටි ඉරියව්වෙන්ම තිබෙන්නට ඇතැයිද අළු තට්ටු යට ඒවා සුරැකී තිබෙන්නට ඇති බවත් ගවේෂණයේදී හමුවුණු සාධකවලින් තහවුරු වන බව පුරාවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
දහ අට වැනි සියවසේදී මෙහි කරන ලද පළමු වැනි කැණීමේදී මෙම කලාත්මක නිර්මාණවලින් බොහෝමයක් විනාශ වී හෝ නොසලකා හැර හෝ ඇති අතර, ගවේෂකයන්ගේ නොසැලකිලිමත්කම ඊට හේතු වී ඇත. නවතම ගවේෂණයට ලක් වුණු කොටස විසුවියස් පිපිරීමෙන් පසු කිසිවකු විසින් මෙතෙක් අත නොතබන ලද කොටස බවත් එහෙයින් මෙහිදී සොයා ගැනුණු දේ සුවිශේෂී බවත් මහාචාර්ය ඔසාමා ප්‍රකාශ කරයි.
පොම්පේ, ඔප්ලෝන්ටිස් හා ස්ටැබියා යන නගර අළු කන්දකින් හා ගල් කැබැලිවලින් ද හර්කියුලේනියම් නගරය මඩ දහරාවකින්ද යට කරගෙන ක්‍රි.ව.79දී විසුවියස් ගිනි කන්ද පිපිරී ගියේය. ඉතාලියේ බටහිර වෙරළ අද්දර පිහිටි විසුවියස් යුරෝපා මහාද්වීපයේ එකම ක්‍රියාකාරී අග්නි භූදරය ලෙසත් ලෝකයේ ඉතාම අනතුරුදායක ගිනි කන්ද ලෙසත් සැලකේ. ගිනි කන්දක් පිපිරීමෙන් ඉන් නික්මෙන යමහල් කැබැලි ධාරාව ඉතා අධික උෂ්ණත්වයක් සහිත වායු ධාරාවක් ද සමඟ අධික වේගයකින් ගලා යන්නකි. එහි වේගය පැයට සැතපුම් 450ක පමණ වන අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,000 ඉක්මවන හෙයින් එය ලෝදියවලටද වඩා බෙහෙවින් අනතුරුදායකය.
පරිපාලකයකු හා තරුණ කවියකු වූ ප්ලිනි මෙය දුර සිට නැරඹුවේය. ඔහු ඒ සිද්ධිය විස්තර කරමින් ලියූ ලිපි 16 වැනි සියවසේදී සොයා ගැනුණු අතර පොම්පේ නගරයේ වැසියන්ට කල් තියා කිසිදු අනතුරක හෝඩුවාවක් දැනගන්නට පවා ඉඩක් නොලැබෙන සේ ක්ෂණිකව ඊට ලක්වූ බව ඔහු ලිපිවල සඳහන් කර ඇත. ඔහු තවදුරටත් කර ඇති විස්තරය මෙසේය.
"දිග හරින ලද දැවැන්ත කළු කුඩයක් බඳු අති විශාල කාලවර්ණ ධූම පටලයක් ගිනි කන්දෙන් අහසට නැඟුණු විට අවට නගර සියල්ල රාත්‍රිය එළැඹුණාක් මෙන් ගන අඳුරකින් වැසී ගියේය.
ජනතාව නොයෙක් ආකාරයෙන් දල්වා ගත් එළි අතැතිව ජීවිතාරක්ෂාව පතා දුවන්නට පටන් ගත්හ. අළු ධාරා ඔවුන් මත පැය ගණනක් තිස්සේ ඇද වැටෙන විට ඔවුහු විලාප නඟන්නට වූහ. ගිනි කන්දේ පිපිරීම පැය විසි හතරක් තිස්සේ පැවැති අතර යමහල් කැබැලි මධ්‍යම රාත්‍රියේ විසිරෙන්නට පටන් ගෙන ඒ සමඟම ගිනි කන්දේ භූදර ඉවුරු ඇද හැළෙන්නට විය.
යමහල් කැබැලි සහිත උණු අළු දහරාවන් විස වායුද සහිතව භූදරයෙන් මතු වී ජනතාව හා අන් සියල්ල යටකර ගෙන පැයට සැතපුම් 124ක වේගයෙන් ගලා යන්නට විය. තමන් සන්තකයේ තිබුණු මුදල් හා ස්වර්ණාභරණ ද අතැතිව හර්ක්‍යුලියන් නගරයේ ආරුක්කු සහිත වහලවල් යට රැස්ව සිටි සියලු දෙනා අළු දහරාවන්ට යටවී මොහොතකින්ම මැරී වැටුණාහ. එම නගරයේ මියගිය ජන සංඛ්‍යාව ප්ලිනි විසින් සඳහන් නොකැරුණු නමුත් එය දස දහසකට වැඩි යැයි අදහස් කරනු ලැබේ. එම ජනතාවගේ සිරුරු, අවුරුදු 1,700කට පසු පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගැනෙන තෙක්ම අළු ස්ථරය යට සුරැකිව තිබිණි.
කර්මාන්ත කාලපයක කේන්ද්‍රස්ථානය වශයෙන් පැවැති පොම්පේ නගරයේත් වෙරළාසන්නයේ් නිවාඩු නිකේතනයක් වශයෙන් පැවැති හර්කි්‍යුලියන් නගරයේත් කරන ලද මෙම කැණීම්වලින් රෝම ජන ජීවිතයේ මෙතෙක් අනාවරණය නොවූ පැත්තක් එළි දැක්වුණේය.
පුරාවිද්‍යාඥයන් අළු ගොඩ යට නගරයෙහි කැණීම්වල නොකඩවා යෙදී සිටිති. විශිෂ්ට ගණයේ නිවාස කීපයක් වෙත යොමු වුණු මාවතක් පසුගිය මැයි මාසයේදී පුරාවිද්‍යාඥයන්ට හමුවිය. එම නිවාසවලින් බොහෝමයක සඳලුතල පවා කිසිදු හානියකට ලක් නොවී මුල් ස්වභාවයෙන්ම පැවැතියේය.
උපුටා ගැනීමක්

Comments
Post a Comment