වින්ග්චුන් මුෂ්ඨි ප්‍රහාර වල විවිධත්වය
====================================
වින්ග්චුන් ශිල්පයේ දැකිය හැකි වඩාත්ම ප්‍රසිද්ධ මුෂ්ඨි ප්‍රහාරය වන්නේ මධ්‍ය රේඛාව ඔස්සේ ඉදිරියට එල්ල වන පහර හෙවත් vertical punch එක යි. මෙම පහර චීන බසින් හඳුන්වන්නේ 'යට් චී කුන්' ලෙසින්. මීට අමතරව නොකඩවා එකදිගට එල්ල කරන මුෂ්ඨි ප්‍රහාර දාමය (chain punch) වින්ග්චුන් වල තිබෙන ජනප්‍රිය අනන්‍ය ලක්ෂණයක් විදිහට හඳුන්වා දෙන්නත් පුළුවන්.
කෙසේ නමුත් වින්ග්චුන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම ආධුනික වින්ග්චුන් ශිල්පීන් පවා ඇතැම්විට සිතාගෙන සිටින්නේ මුෂ්ඨි ප්‍රහාර සම්බන්ධයෙන් වින්ග්චුන් ශිල්පය තුළ දක්නට ලැබෙන්නේ මෙම vertical punch එක සහ එහි උප ප්රභේදයන් (variations) පමණයි කියා. එය නිවැරදි නොවේ. බලය යොමු කෙරෙන ආකාරය සහ දිශාව අනුව එකිනෙකට වෙනස් මුෂ්ඨි ප්‍රහාර කිහිපයක්ම මෙම ශිල්පය තුළ උගන්වනු ලබනවා. සියු නිම් තාවො, චම් කියු සහ බියුජී යන ශිල්පක්රම තුන ඉගෙනගෙන අවසන් කරද්දී මෙම එකිනෙකට වෙනස් මුෂ්ඨි ප්‍රහාරයන්ද ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන්.
මොයි යට් වින්ග්චුන් පෙළපතේ මුෂ්ඨි ප්‍රහාර හයක් මූලික වශයෙන් දැකගත හැකි අතර එම මූලික ප්‍රහාර තවත් උප ප්රභේදයන් ගණනාවකට බෙදන්න පුළුවන්. එම මූලික ප්රහාරයන් මෙසේ යි.
යට් චී කුන් (vertical punch)
චව් චොයි (drilling punch)
ග්වා චොයි (back fist)
චාප් කුන් (ginger fist)
චඔර් කුන් (hammer fist)
ෆුන්ග් න්ග්නාන් කුන් (phoenix eye fist)
මෙම මුෂ්ඨි ප්‍රහාර අතරින් සමහරක් සිරුරේ තද ස්ථාන වලට පහර දීමට යොදා ගන්නා අතර අනෙක්වා මෘදු ස්ථාන සහ නිල ස්ථාන වලට පහරදීම සඳහා යොදාගනු ලබනවා. එක් එක් වින්ග්චුන් පෙළපතට අනුව ඒවායේ ඉගැන්වෙන මූලික මුෂ්ඨි ප්රහාරයන් ගණන ඉහත සඳහන් ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි විය හැකියි. එනිසා මෙහි සඳහන් ප්රහාරයන්ට වඩා වෙනස් ප්රහාරයන් ඔබගේ පෙළපතේ උගන්වනු ලබනවානම් අපගේ දැනගැනීම පිණිස ඒවා පිළිබඳව පහතින් comment කරන මෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
(මෙම ලිපිය උපුටා ගන්නේ නම් copy & paste කිරීම සිදුනොකර ශෙයාර් කිරීම පමණක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමි.)
-Uditha Senaratne

Comments
Post a Comment