Posts

Showing posts from 2018
Image
Wing chun punch  වින්ග්චුන් මුෂ්ටි පහර (Ving Tsun Punch) ================================ වින්ග්චුන් ශිල්පයේ එන මුෂ්ටි පහර එම සටන් කලාවටම අනන්‍ය වූ ශිල්පීය ක්‍රමයක් විදිහට සලකන්න පුළුවන්. බොහෝවිට එක දිගට දාමයක් ලෙසින් පිට පිටම එල්ල කරන මෙම මුෂ්ටි ප්‍රහාරයන් ඔබ චිත්‍රපට වලින් දැක ඇතුවාට සැක නැහැ. මෙය වින්ග්චුන් වලදී ඉගෙනගන්නා මූලිකම ශිල්ප ක්‍රමයක් වුවත් සටනකදී ඉතාම ප්‍රයෝජනවත් පහරක් ලෙස හඳුන්වන්න පුළුවන්. නිවැරදිව මෙම පහර පුරුදු වූ අයෙකුට තත්පරයක කාලයක් තුලදී සටනක් අවසන් කිරීමට හැකියාව තිබෙන අතර හකුඇටය හෝ ඉළ ඇට බිඳී යන තරමේ බලයක් පහසුවෙන්ම ජනනය කරන්න පුළුවන්. අවම තරමේ වසරක්වත් මෙම පහර නිරන්තරයෙන් පුහුණු විය යුතුයි මේ තත්වයට ලඟා වීමට නම්. පැරණි ගල් අඟුරු දුම්රිය ඇන්ජිමක රෝද ඉදිරියට චලනය කිරීම සඳහා එම රෝද එයට පි‍ටුපස ඇති ප්‍රධාන රෝදයට සම්බන්ධ කර තිබෙන දණ්ඩ (Driving gear) ඔබ දැක තිබෙනවානම් ඒ අනුසාරයෙන් මෙම වින්ග්චුන් මුෂ්ටි පහරේ යාන්ත්‍රණය පැහැදිලි කරදෙන්න පුළුවන්.  පි‍ටුපස ප්‍රධාන රෝදයෙන් බලය ජනනය කරන විට ඉදිරි රෝද වෙත එම බලය සම්ප්‍රේෂණය කරමින් දණ්ඩ ඉදිරියට ගමන්...
Image
ගිනිගෙන දැවුණු ලෝදිය වැටී 16000ක් එකතැන වැළලුණු පොම්පෙයි නගරය අවුරුදු 2000ක් තිස්සේ අළු ගොඩකින් වැසී තිබුණු ඉපැරැණි පූජාසනයක් පොම්පේයි නගරයෙන් හමුවී තිබේ. ක්‍රි.ව. 79දී විසුවියස් ගිනි කන්ද පිපිරුණු අවස්ථාවේ ජීවිත 16,000ක්ද විනාශ කරගෙන මුළු නගරය වසාගෙන විසිරුණු අළු කන්දරාව යට මෙම අල්තාරය සුරක්ෂිතව තිබිණි. මෙය පිහිටි ස්ථානයේ ලේ මෙන් රත් පැහැති තාප්පද ඒ මත අඳින ලද ගොනුන්, විසිතුරු කුරුල්ලන් හා නාගයන් ආදී සතුන්ගේ මෙන්ම ගස්වල පින්තූර ද පුරාවිද්‍යාඥයන් විසින් ගන්නා ලද ඡායාරූපවල දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් එය "දෙවොල් ගබ" යන අර්ථයෙන් දක්වන ලැරේනියම් යනුවෙන් හඳුන්වන අතර දැන් ඔවුහු එම අල්තාරය පාවිච්චි කළ ජනතාව ගැන වැඩිදුර කරුණු සෙවීම ස¼දහා එහි කැණීම් කරති. ඉපැරැණි රෝමයේ ධනවතුන්ගේ නිවෙස්වලට ඇතුළු වන තැන මෙවැනි පූජාසන සහිත කුටි ඉදිවී තිබුණු අතර ඔවුහු එම ආසන මත නොයෙක් පූජා භාණ්ඩ තබා ඔවුන් ඇදහූ දෙවිවරුනට යාඥා පැවැත්වූහ. හමුවී තිබෙන පූජාසනය සහිත කුටිය සුවිශේෂ දර්ශනයක් බව සඳහන් කරන පොම්පේයි නගරයේ පුරාවිද්‍යා භූමිය භාර කාර්යාංශයේ ප්‍රධානී මැසිමෝ ඔසානා ඒ පිළිබඳව තව බොහෝ දුරට අධ්‍යනය කළ ය...
Image
“සංහිඳියාවේ මාර්ගය (The way of harmony)”  හප්කී-දෝ -합기도 (Hapki-do) ලොව පවතින සටන්කලා ශෛලීන් අතර තවත් අග්‍රගන්‍යය සටන් ශෛලියක් ලෙස "හප්කී-දෝ" සටන් ශෛලිය නම් කල හැක. කොරියාව නිජබිම කරගත් "හප්කී-දෝ" සටන් කලාවේ උපත සිදුවන්නේ කොරියාව, ජපානයේ යටත් විජිතයක් ලෙස පැවති කාල වකවානුව අවසානයේදී ය. (1910-1945). "හප්කී-දෝ" කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන "චොයි යොන්ග් සෝල් - 최용술 (Choi Yong-Sool )" වර්ෂ 1904 නොවැම්බර් මස 9 වන දින වත්මන් දකුණු කොරියානු "චුන්ග්චිඕන්ග්බුක්-දෝ" පළාතේදී උපත ලදී. කුඩා කලදීම දෙමාපියන් අහිමි වූ කුඩා "චොයි යොන්ග් සෝල්" හැදී වැඩෙන්නේ ඔහුගේ නැන්දා කෙනෙකුගේ සෙවනේය. අහඹු සිදුවීමක් මත ජපානය බලා සංක්‍රමණය වන කුඩා "චොයි යොන්ග් සෝල්" වයස අවුරුදු 8 දී සටන් කලා ලොවට අත්පොත් තබන්නේ ලොව අග්‍රගන්‍යය සටන් ගුරුවරයකු වූ “තකේදා සෝකකු - 武田 惣角 (Takeda Sōkaku)” ගෙනි. “තකේදා” ගුරුතුමන්ගේ “දයිතෝ-රියූ - 大東流 (Daitō-ryū)” සටන් පාසලෙන් “අයිකී-ජූජිට්සු -合気柔術 (Aiki-jūjutsu)” සටන් ශෛලිය වසර 30 ක පමණ කාලයක් මනා ලෙස ප්‍රගුණ කරන “චොයි යොන්...
Image
සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද? ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය. කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය. සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන...
Image
Muhammad ali  Boxing legend Boxing legend in world  Muhammad ali ................................. ⬇️⬇️⬇️ " සමනලයකු සේ පාවෙන්න ...... මීමැස්සෙකු සේ දෂ්ඨ කරන්න "   - බොක්ෂිං වලල්ලේ එදා මෙදා තුර බිහිවුන අසමසම ශේෂ්ඨ සටන් කරුවා අලි 1942 ජනවාරි 17 වන දින අමරිකාවෙදි උපත ලබන්නෙ අප්‍රිකානු සම්භවයක් ඇති කෙනෙක් ලෙසයි ....... ඔහුට දේමාපියන්ගෙන් උරුන වන නම වන්නෙ කැසියසක් මර්සෙලස් ක්ලේ ජූනියර් වේ . ඔහු බොක්ෂිං ක්‍රීඩාවට අවතීරණ වන්නෙ වයස අවුරුදු 12 දී ප්මණය       ඔහු බොක්ෂිං ක්‍රීඩාවට අවතීරනය වන්නෙ ඔහුගේ බයිසිකලය සොරා ගත් නිසාවෙනි ඒ ජෝ මාටින් නැමති පොලිස් නිලධාරියා මුණ ගැසීමෙනි ......... තමාගෙ බයිසිකලය සොරා ගත් සොරා කවුරුන් හෝ වේවා ඔහු තමාගෙන් හොද හැටි ගුටි කන බව ජෝ මාටින්ට කියා සිටියේය        මාටින් ප්‍රකාශ කලේ ඊට පෙර ඔහු බොක්ෂිං ඉගෙන ගත යුතු බවය සති ගණනකට පසු ඔහු තම ප්‍රථම බොක්ෂිං ජයග්‍රහනය වාර්තා කලේය . එතැන් සිට ලෝක බොක්ෂිං වලල්ලෙ අවුරුදු 27ක් වලල්ලෙ රජු ලෙස කිරිලු දැරීමට මොහු සමත් විය . ඔහුව අභිබවා යාමට කිසිම කෙනෙක් සිටියේ ...
Image
මරා දමා වසර පනහකට පසු සැමරූ මරදානේ චොප්පේ මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය  සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.  මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය.  මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය  පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය. නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.  බයිසිකලයේ  පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි.  ජීප් රථයේ සිටි එක් ‍පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ ‍පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්,  ආ චොප්පෙ අයියා යයි කීවේය. ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් ‍පොළවට...
Image
සිහින දකින්න සිහිනය පෝෂණය කරන්න චීනයේ තියෙනවා උණ ගස් වර්ගයක් එකට කියන්නෙ චීන උණ ගස බීජයක් පොලොව මත සිට වූ විට එය නැගිටීමට අවුරුදු 5 ක් ගතවෙනවා ඒකට දිනපතා පොහොර වතුර යෙදිය යුතුයි .නමුත් එය පස්වන වසර තෙක් පොලොවෙන් උඩට මතු වන්නෙ නැත . පස්වන වසරෙදි එය උඩට මතු වෙනවා සති 5ක් ඇතුලත එය අඩි 90ක් පමණ උසට වැඩෙනවා.දැන් ප්‍රශ්නය එය වැඩීමට ගත වුනේ සති 5 ද? වසර 5 ද? අනිවාර්‍යෙන්ම වසර 5ක් ..එම පුද්ගලයා එයට වතුර පොහොර එකතු කරන එක නැවැත්තුවේනම් එය පොලොව තුලම මියදෙනවා.. වසර 5ක කාලයේදි මෙයට වතුර පොහොර දානවිට හිස් බිම දැක කෙනෙක් විමසාවි  "ඔබ කුමක්ද කරන්නෙ?දැන් සෑහෙන කාලයක් නේද? "ඔබ මේ උණ ගසක් සදනවා කියන්නෙ ඇත්තක්ද ? ඔව් ඒක ඇත්තක් .. "ඕන කෙනෙක්ට පේනවනේ උණ ගසක් තියා මෙහි හිස් බිමක් පමණක් බව ???? කලක සිට සිහින පසු පස ඔබ යද්දි ඔබට පෙන්වන්ට දෙයක් නැති වේවි  මිනිසුන්ට ඔබ පිස්සෙක් මෝඩයෙක් ලෙස පෙනේවි සැනින් ප්‍රතිපල නැති නිසා සමහරු එය අත් හරිවී නමුත් ඔබේ සිහිනයන් අත් නොහරින්න ඔබ එයට ජලය පොහොර එකතු කරන්න  මිනිසුන් සිනාසේවි .. නමුත් එය දලුලා වැඩෙන විට මිනිසුන් සිනහව අත් හරිවි. ...
Image
තාඕ දර්ශනයෙන් ඔබේ ජීවිතයට  ඔන අසු පිටින් ගමනක් යනවා කදු හෙල් පසු කරමින් දිවා රාත්‍රී නොබලා සියලු බාදක ජයගනිමින් සැම ප්‍රශ්නයක්ම විසදා ගනිමින් රුදුරු විපත් වලින් ගැලවෙමින් රැදුරු සත්වයන්ගෙන් බේරෙමින් ඔබ කදු වලල්ල හරහා යන විට අධික මීදුම දැන් ඔබ කල යුත්තෙ අසු පිටින් බැසීම එතන ඔබට හැකි අයුරෙන් පහසු විදියට රැදීමයි ඉවසන්න ...... මිත්‍යා මිහිදුම පහව යන තෙක් ඉන් පසු නැවත ගමන් කරන්න.. ඔබගෙ ජීවිතයට ⬇️ ඔබ යන්නෙ ගමනක් අරමුණ කරා නොසැලි විශ්වාසෙන් සියලු ගැටලු බාධක විසදා ගනිමින් නමුත් ඔබට කිසිම උත්තරයක් නැති ප්‍රශ්න එයි අන්න එවිට ඔබ නවතින්න ඉවසන්න කාලයට ඉඩ දෙන්න මිහිදුම පහව යනවා සෙම ඔබේ ප්‍රශ්නය විසදේවි පිලිතුරක් නොමැති ප්‍රාශ්නයක් ආ විට කාලයට බාරදෙන්න ඔබ කිසිවක් නොකර බලා සිටින්න කාලය ඔබට විසදුම දේවි
Image
ලස්සන වෙන්න ඇග හැඩට තියාගන්න ...... අද වෙනකොට හැමෝම තුළ ලස්සනට ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Instagram වගේ ඇප් හරහා ඇඟ හැඩට තියෙන කෙනෙකුට ඒ බව පෙන්වන්න තියෙන හැකියාව මේකට ප්‍රධාන හේතුවක් බව හිතන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ කවුරුත් හැඩට ඉන්න විශේෂ මහන්සියක් ගන්නවා. හැමදාම නාන කාමරේට ගිහින් හිට ගත්තාම ලැජ්ජා හිතෙන විදිහේ බඩක් තියෙනවා නම්, ඇඟේ හැටියට අත් දෙක සිහින් නම්, සිරුරේ කිසිම හැඩයක් නැති නම්, මොන ඇඳුම ඇන්දත් අපහසුයි, පෙනුමක් නැති නම් ඒකට යම් පිළියමක් යොදන්න හැමෝම කැමතියි. හැබැයි ඒකට මාස ගාණක් තිස්සේ ජිම් යන්න, කෑම පාලනය කරන්න, නිතරම මහන්සි වෙලා ව්‍යායාම කරන්න ඕන කියලා මතක් වුණාම නම් වැඩි දෙනෙක්ට තියෙන ඇඟ හොඳයි කියලා හිතෙනවා. ව්‍යායාම නොකර ඇඟ කෙට්ටු කරගන්න, හැඩ කරගන්න පුළුවන් කියන පෙති, කරල්, තේ වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන, බඳ පටි වගේ දේවල්  ඇති තරම්  වෙළඳපොළේ දැක ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒවායෙන් කියන තරම් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. ලස්සනට ඇඟ හදාගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් නම් ලැබෙන එකම පිළිතුර ගොඩක් මහන්සි වෙලා, කැප වෙලා ඒ දේ ...