සිහින දකින්න සිහිනය පෝෂණය කරන්න
චීනයේ තියෙනවා උණ ගස් වර්ගයක් එකට කියන්නෙ චීන උණ ගස බීජයක් පොලොව මත සිට වූ විට එය නැගිටීමට අවුරුදු 5 ක් ගතවෙනවා ඒකට දිනපතා පොහොර වතුර යෙදිය යුතුයි .නමුත් එය පස්වන වසර තෙක් පොලොවෙන් උඩට මතු වන්නෙ නැත . පස්වන වසරෙදි එය උඩට මතු වෙනවා සති 5ක් ඇතුලත එය අඩි 90ක් පමණ උසට වැඩෙනවා.දැන් ප්‍රශ්නය එය වැඩීමට ගත වුනේ සති 5 ද? වසර 5 ද? අනිවාර්‍යෙන්ම වසර 5ක් ..එම පුද්ගලයා එයට වතුර පොහොර එකතු කරන එක නැවැත්තුවේනම් එය පොලොව තුලම මියදෙනවා..
වසර 5ක කාලයේදි මෙයට වතුර පොහොර දානවිට හිස් බිම දැක කෙනෙක් විමසාවි 
"ඔබ කුමක්ද කරන්නෙ?දැන් සෑහෙන කාලයක් නේද?
"ඔබ මේ උණ ගසක් සදනවා කියන්නෙ ඇත්තක්ද ?
ඔව් ඒක ඇත්තක් ..
"ඕන කෙනෙක්ට පේනවනේ උණ ගසක් තියා මෙහි හිස් බිමක් පමණක් බව ????

කලක සිට සිහින පසු පස ඔබ යද්දි ඔබට පෙන්වන්ට දෙයක් නැති වේවි  මිනිසුන්ට ඔබ පිස්සෙක් මෝඩයෙක් ලෙස පෙනේවි සැනින් ප්‍රතිපල නැති නිසා සමහරු එය අත් හරිවී නමුත් ඔබේ සිහිනයන් අත් නොහරින්න ඔබ එයට ජලය පොහොර එකතු කරන්න 
මිනිසුන් සිනාසේවි ..
නමුත් එය දලුලා වැඩෙන විට මිනිසුන් සිනහව අත් හරිවි.
"අර බලපන් අරයා දිහා ...
"මම හිතුවා මේක උබ කරයි කියලා "
එම දුෂ්කර කාලයේදි ඔබට සියල්ල අහිමි වනු ඇත..සටන දුෂ්කර වන විට එහි දිනුම මියුරු වනු ඇත
මේ කරන ක්‍රියාවලිය තුලදි ඔබ කරන දෙය සිහිනයට වඩා වැදගත් වෙයි.ඔබ වර්ධනය කරගන්න ශක්තිය සහ ධෛර්‍ය ඔබ වෙනස්ම අධ්‍යාත්මිකව ගමනක යෙදෙනු ඇත.ජීවිතය යනු කුමක්ද යන්න ඔබ දන්න බව මිනිසුන්ට වැටහෙනු ඇත.එය දුෂ්කර බව ඔබ දැන සිටියා.දුෂ්කරතාවයෙන්ම එය ස්ක්ෂාත් කරගත්තා.මිනිසුන්ගෙ සිනහව සමච්චලය තුලින් වැඩුනා.ඔබේ හීනය පෝෂණය කලා.ඔබේ සිහිනයට ඔබ ගමන් කල විට ලෝකයම සිනා සෙන එක නවත්වනු ඇත.ඔවුන් ඔබේ මාර්ගයේ ගමන් කිරීමට පොරකනු ඇත...සිහිනය එයයි..චීන උණ ගස වගේ 

Comments

Post a Comment

Popular posts from this blog

සෙන් කතා