දුක සහ දුකින් මිදීම ... කොච්චර ලැබුනත් තිබුනත් මදී කියල හිතෙනවාද ? එහෙනම් මේ ටිකත් කියවල බලන්න…. කාමසුඛල්ලිකානු යෝගය හීනය, ග්‍රාම්‍යය, පෘථග්ජනයන් විසින් ඇසුරු කරනු ලබන්නකි. අනාර්ය වූවකි. අනර්ථසංහිතය යනුවෙන් කරුණු පහකින් ප්‍රතික්‍ෂේප කරන බුදුරජාණන් වහන්සේ, අත්තකිලමතානුයෝගය දුක් සහිත, අනාර්ය අනර්ථ සංහිත පැවැත්මක් ලෙස ප්‍රතික්‍ෂේප කරති. ඉන් අනතුරුව මෙම අන්ත දෙක බැහැර කොට අනුගමනය කළ යුත්තේ කෙබඳුමාර්ගයක් දැයි පැහැදිලි කරනුයේ මැදුම් පිළිවෙත ඉදිරිපත් කරමිනි ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් පාරමී දම් සපුරා උතුම් බුද්ධත්වයට පත්ව දේශනා කළ මංගල ධර්මය නම් දම්සක් පැතුම් සුතුරයි. උන්වහන්සේ එය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් අරභයා දේශනා කළහ.බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ උතුම් දහමෙහි දාර්ශනික වශයෙන් ඉතා වැදගත් සම්පිණ්ඩනයක් ලෙස ද ධම්මචක්කප්පවත්තන සූත්‍රය සලකා ගත හැකිය. එහි දී බුදුරදුන් පහළ වූ භාරතීය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පැවති මුඛ්‍ය දාර්ශනික චින්තාවන් දෙක වූ උච්ඡේද දෘෂ්ටියත් ශාස්වත දෘෂ්ටියත් ඒවා පදනම් කොටගෙන පිළිවෙලින් හටගත් කාමසුඛල්ලිකානුයෝගයත් අත්තක...