නව ලෝකයේ පැරණි ලෝක ගෝලයක් හමුවේ! තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්. පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්. මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි්රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා. මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ. ජම්බෝල ගෙඩියක් තරම් වන මෙම ලෝක ගෝලය නිර්මාණය කර ඇත්තේ පැස්බර බිත්තර දෙකක යටි අර්ධ දෙකක් එකට බද්ධ කරමිනුයි. ලෝක ගෝලයේ නියම ගෝලාකාර හැඩය රැක ගෙන ඇත්තේ ඒ ආකාරයටයි. මේ ලෝක ගෝලය හමුවන තෙක් නව ලෝකයේ සිතියම දැක්වෙන පැරණිම ලෝක ගෝලය වූයේ ‘...
Popular posts from this blog
වරද කොතනද
සීගිරිය රාවණ රජුගේ ග්රහලෝකාගාරයද? ශ්රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය. කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්කෘතික නිධානයට නව එළියක් ලැබුණේ බ්රිතාන්ය පාලන සමයේ බැව් ප්රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක් සීමා කළේ කුමක් නිසා දැයි කිව නොහැකිය. සීගිරිය ප්රදේශයේ ඉපැරණි තල්කොටේ ග්රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්රැතිවලින්ද ඇතැම් මුද්රිත පුස්කොළ සටහන...
Comments
Post a Comment