සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද? ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය. කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්කෘතික නිධානයට නව එළියක් ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක් සීමා කළේ කුමක් නිසා දැයි කිව නොහැකිය. සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්කොළ සටහන...
Popular posts from this blog
සෙන් කතා
Italy , pompey පොම්පේ කැණීම් වලින් මතුවූ කාමුක කලාව පොම්පෙයි සහ හර්කියුලේනියම් වල නටබුන් කැණීම් හා සංරක්ෂණය සඳහා වගකිව යුතු 19 වන සියවසේ පුරාවිද්‍යා භාරකරුවන්ට අතීතයේ රෝම ලිංගිකත්වය විශාල ගැටලුවක් විය. පොදුවේ රෝමානුවන්ට සහ පොම්පෙයිහි සහ විශේෂයෙන් හර්කියුලේනියම් හි පුරවැසියන්ට කලාව හා එදිනෙදා වස්තූන් පිළිබඳ කාමුක හැඟීම් කෙරෙහි දැඩි ඇගයීමක් තිබුණි. ප්‍රියාපස් නම් දෙවියන්ගේ සුබ පැතුම් සංකේතයක් වූ අතර බිතු සිතුවම්වල සිට ශිෂේණය හැඩැති සුළං චිමීස් දක්වා හා තෙල් සහිත ලාම්පු දක්වා සෑම දෙයකම මේ ලකුණු දක්නට ලැබේ. බිත්ති මත පින්තාරු කර ඇති මිථ්‍යා කථා වල ලිංගික හමුවීම්, රහස් උත්සාහයන් සහයන් වලින් පිරී තිබුණි. යම් ආකාරයකින්, මෙම කාමුකත්වය වික්ටෝරියානු යුරෝපයට පමණක් නොව නූතන සමාජයට පවා කරදරයක් විය හැකි මට්ටමක පුළුල් ලෙස පිළිගනු ලැබීය. පොම්පෙයි කලා කොල්ලය ආරම්භ වූයේ 1700 ගණන්වල අග භාගයේදීය. ස්පාඤ්ඤයේ III වන චාල්ස් ලෙස හැඳින්වෙන බෝර්බන් හි චාල්ස්ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා මෝස්තර සහිත පුරාවස්...
Comments
Post a Comment