Jeet kune do

මොකක්ද මේ Jeet kune do එහෙමත් නැතිනම් මාස්ටර් Bruce lee ගේ සටන් ක්‍රමය????
"බෘස් ලී මුලින්ම ඉගෙන ගත්තෙ wing chun කියන කුංෆු ක්‍රමය (ඔහුගෙ පිය තායි චි කුංෆු උපදේශකයෙකු උනා.නමුත් බෘස් ලීට මේ මන්දගාමි ක්‍රමය එතරම් ඇල්ලුවෙ නෑ) අමරිකාවට ගිහිල්ලා එයාගෙ සටන් දැනුම Jun fan gung fu ලෙස (එයාගෙ මුල් නම Jun fan ) උගන්වන්න පටන් ගන්නවා..මේ අතර තව එයට Jiu jitsu ,akido,kali,savate වැනි ක්‍රමද මිශ්‍ර කරනු ලබනවා.මේ අමුතු සටන් ක්‍රමය දැක්ක අමරිකානුවන් ලී වටා රොක් වෙනවා..
   මේ කාලයේ ලෝකයෙ හොදම සටන් ශිල්පියා ලෙස නම් දැරු wong jacktman මෙයාට අභියෝග කරනවා.එම සටන විනාඩි තුනක කාලයක් ඇතුලත් බෘස් නිමා කරනවා.(ඔහුගෙ බිරිද Linda lee මේ සටන නරඹා තිබෙනවා ඇයට අනුව බෘස් වොන්ග් ට පන්න පන්නා පහර දුන් බව කියවෙනවා.තවද bron of the dragon film එකේ එන මේ සටන හුදෙක් සිනමා නිර්මාණකරුවන් අතින් වෙනස් වි ඇති බවද කියවෙනවා)
  සටනින් පසු බෘස් ටිකක් පසු බහිනවා.එයාට විනාඩි තුනක් සටන් කිරීම ගැන කණගාටුවකින්.බෘස් දකිනවා ලෝක හෙවිවේට් බොක්ෂිං ශූර මොහොමඩ් ලී ගේ සටන් තරග.ඔහු දකිනවා බොක්ෂිං අත් පහරවල් වල ඇති තාක්ෂනය සහ වේගය.ඔහු යහලුවෙකුගේ මාර්ගයෙන් දිගින් දිගටම බොක්ෂිං ඉගෙන ගන්නවා.නමුත් සත්‍ය සටනකට අත් පහර ප්‍රමාණවත් මදි බව ඔහු දකිනවා.ඔහුගේ සහෝදරයෙකු ගේ මාර්ගයෙන් Fencing නැමති කඩු සටන් ක්‍රමය ඉගෙන ගන්නවා.
    1967 ඔහු ඔහුගේ සියලුම සටන් පාසල් වසා දමනවා.boxing hand work සහ fencing foot work යොදාගෙන wing chun ක්‍රමයේ සහ jiu jitsu,akido වල ඇතැම් කොටස් එක් කරමින්.ඒවා තවත් තාක්ෂණික අති වැඩි දියුනු කරමින් සුපිරි සටන් ක්‍රමයක් ලොවට හදුන්වා දෙනවා..සත්‍ය සටනක සම්මත සටන් ක්‍රමය ලෙසත් ලෝකයෙ වේගවත්ම සහ නිවැරදිතාවයෙන් ඉහලම සටන් ක්‍රමය ලෙස ප්‍රසිද්ධ වනවා.මෙයයි Jeet kune do...
   Jeet kune do නිවැරදිව ඉගෙන ගැනිමටනම් bruce lee මුලින් කල jun fan gung fu වල සිට jkd දක්වා එන්න වෙනවා... Jun fan ඉගෙන ගැනීමට තකිමුරා,ඉනසන්තෝ වැනි අයගේ පරම්පරාවෙන් සහ Jkd අවසාන (මම ඉහත විස්තර කල)ted wong පරම්පරාවෙන් ඉගෙන ගත යුතු වනවා..අවාසනවාකට ටෙඩ් වොන්ග් ලා සහ ඉනසන්තොලා වෙන වෙනම අපි ලග තමයි රියල් jkd තියෙන්නෙ කියමින් උගන්වනු ලබනවා..මේ කණ්ඩායම් දෙක එකතු කල හැකි උනොත්.සම්පූර්ණ Jkd ඉගෙනීමට හැකි වෙනවා 😍

(Jeet kune do යනු කුමක්ද කියා දැන ගැනීමට කැමති අය සදහා දැමු කෙටි සටහනක් )

Comments

Popular posts from this blog

සෙන් කතා