
ලෙත්වෙයි ශිල්පය(Art of Nine Limbs) =================================== ඔබ මුවායි තායි ගැන අසා ඇත. Art of eight limbs ලෙස ලොව ප්‍රචලිත වූ එම සටන් කලාව අද ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පවති. දණහිස් සහ වැලමිට සටන් සඳහා යොදා ගන්නා බැවින් මුවායි තායි ප්‍රචණ්ඩකාරී බව නොරහසකි. නමුත් දණහිස් සහ වැලමිටට අමතරව පහර දීමට හිසද යොදා ගැනීම ලෙත්වෙයි ශිල්පයේ වීශේෂත්‍වයයි. එම නිසා ලෙත්වේ ලොව පුරා art of nine limbs ලෙස ප්‍රචලිතව ඇත. Burmese Bareknuckle Boxing, Myanmar Boxing ලෙසද මෙය හැදින් වේ. මෙම සටන් ශිල්පයේ නිජ බිම වන්නේ බුරුමය (මියන්මාරය) වේ. ලෙත්වේ මියන්මාරයේ තිබෙන තවත් සටන් ක්‍රමයක් වන බන්දෝ සටන් ශෛලිය සමඟ සමකාලීන සටන් ක්‍රමයක් බව සමහරුන්ගේ මතය යි. නමුත් මෙම සටන් ශිල්පය මුවායි තායි සටන් කලාව හා සමගාමීව බිහී වූ සටන් කලාවක් බවයි මාගේ මතය. ඉතිහාසය කෙසේ වෙතත් මෙහි ඇති වැදගත්ම දෑ වන්නේ එහි ඇති තාක්ෂණයයි. ශරීරයේ ඇට කුඩු වෙන්න පහර දිය හැකි පහර දීම් අතර පොර බැදීම් සහ බිම වැට්ටීම් ද ඇතුලත් වේ. සටන් සඳහා අත් වෙළුම් පටි පමණක් භාවිත් වේ. එම නිසා එය bareknuckle fighting style එකක් වශයෙන් හැඳින් වේ....