Posts

Showing posts from October, 2018
Image
මරා දමා වසර පනහකට පසු සැමරූ මරදානේ චොප්පේ මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය  සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.  මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය.  මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය  පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය. නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.  බයිසිකලයේ  පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි.  ජීප් රථයේ සිටි එක් ‍පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ ‍පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්,  ආ චොප්පෙ අයියා යයි කීවේය. ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් ‍පොළවට...